මි නීමැරුම් 39 ම ගොතපුවා කිසිවක් ඔප්පුකර නැහැ සංජීවගේ අක්කා කියූ කතාව
ගනේමුල්ල සංජීව සිරගතව සිටි කාලයේ ඔහුගේ වැඩිමල් සොයුරිය සිරකරු අයිතිවාසිකම් සම්බන්ධ සංවිධානයේ ප්රවෘත්ති සාකච්ඡාවකදී සිය මළනුවන් ගැන කතාවක් කර තිබුණි.
සිය පවුලේ බාලම සහෝදරයා වන ගනේමුල්ල සංජීව සම්බන්ධයෙන් ඝාතන චෝදනා 39 කට වැඩි ප්‍රමාණයක් තිබුණත් කිසිවක් ඔප්පු කර නැති බවත් බොහෝ ඒවා ගෙතූ කතා බවත් ඇය කියා තිබුණි.
සංජීවට තවත් අක්කා කෙනෙක් සිටි නමුත් පිළිකාවකින් මිය ගිය බවත් සිටින අයියා ඔහු හා සම්බන්ධයක් නැති බවත් කියන මෙම සොයුරිය සංජීවගේ දෙමාපියන් වයස්ගතව තවම ජීවතුන් අතර සිටින බව කියන්නීය.
එසේම සංජීවට බිරියක හා දියණියකද සිටින බව ඇය කියා තිබේ.
පවුලේ සියලු දෙනාම රජයේ රැකියා කර ඇති බවත් තම පවුල සමාජයේ වැදගත් ජීවිත ගත කළ බවත් ඇය විස්තර කරයි.
ඔහුට එරෙහිව මිනීමැරුම් හා මංකොල්ලකෑම් ගෙතූ චෝදනා ඇති නමුත් ඒවා කිසිවක් තහවුරු වී නැතැයිද නිවසට වෙඩි තැබීම් STF නිලධාරීන්ගෙන් හිරිහැර හා ජීවිත තර්ජන නිසා පවුලම බියෙන් පසුවන බවද ඇය කියයි.
එම කතාකරන අවස්ථාව වනවිට රැඳවුම් භාරයේ සිටි ගනේමුුල්ලේ සංජීවගේ ජීවිත තර්ජන ගැනද ඇය කියා සිටින අතර ඇය පවසන්නේ ඔහුගේ ආරක්ෂාවට බන්ධනාගාරයේම තැබීම සුදුසු බවයි.
ගනේමුල්ල සංජීව මියයන්නට පෙරාතුව ඇය සිදුුකර තිබූ සම්පූර්ණ කතාව මෙසේය.
“ගනේමුල්ලේ සංජීව මගේ මල්ලි වෙනවා. අක්කා කෙනෙක් හිටියා, එයා පිළිකාවක් හැදිලා මිය ගියා. අයියා කෙනෙක් ඉන්නවා, එයා තවම ජීවතුන් අතර ඉන්නවා. ඒත් එයා එක්ක සම්බන්ධකමක් නැහැ. මේ ප්රශ්නය නිසා මල්ලි හැම දේකටම ඉදිරිපත් වෙන්නේ මම.
අම්මා තාත්තා වයසයි. සංජීව විවාහ වෙලා ඉන්නවා, දුවක් ඉන්නවා. දුව හොඳ විදිහට අධ්‍යාපනය ලබනවා. ගෙදර මගේ අම්මා වයසයි, තාත්තා වයසයි, ආච්චි වයසයි. ඒ අය බලාගන්නත් ඕනෑ. ඒ කටයුතු කරගෙන යන්නේ මගෙන්. සංජීවගේ නෝනා ඉන්නවා, ඒ පැත්ත කඩා වැටෙන්න අපි කැමති නෑ. මම තමයි හැම දේකටම ඉදිරිපත් වෙන්නේ.
ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක ඉගැන්වීම් කරනවා. දරුවෙක් ඉන්නවා. මගේ අම්මා තාත්තා ගොඩක් වයසයි. එයාලට කරදරයක් වුණොත් අපි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
මම මැරි මැරී කෙනෙක් නෙමෙයි. මම නිදහස් කෙනෙක්. මගේ සහෝදරයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න මම කැපවී සිටිනවා. මගේ ජීවිතේ වුණත් නැති වුණත් මම සාධාරණයක් ඉෂ්ට කරනවා. මගේ මල්ලි අසාධාරණ කෙනෙක් කියලා යන්න දෙන්නෙ නැහැ.
ගනේමුල්ල සංජීව සම්බන්ධයෙන් බොරු චෝදනා තියෙනවා. චෝදනා කිහිපයක්ම තියෙනවා, ඒවා සත්‍ය වේද කියලා දන්නේ නැහැ. එයා මිනී මැරුවා කියලා චෝදනා කරනවා, මංකොල්ල කෑවා කියලා කියනවා. එයා මිනි මරන්න උපදෙස් දුන්නා කියලත් චෝදනාවක් තියෙනවා. ඒවා ඔප්පු වෙලා නැහැ.
අදටත් ඉන්නේ සැක පිට. මාමා කෙනෙක් මැරුවා කියන චෝදනාවක් තියෙනවා. සාමාන්‍ය ලංකාවේ තත්ත්වය එහෙමනේ. එවැනි තත්ත්වයක් තමයි ගොඩනැගිලා තියෙන්නේ.
අපිට බයක් තිබුණා එයා ඕනෑම වෙලාවක අපිව ඝාතනය කරයි කියලා. ලංකාවේ නැති අතරේ අපිට තර්ජන කළා. ගෙදරට වෙඩි තිබ්බා, ගොඩක් අලාභහානි සිද්ධ වුණා.
ඒ වගේම එයාගේ චරිතය ගැන ලොකු කතාවක් හැදුවා. මල්ලි ගෙදර ඉන්න එක අවදානමක් කියලා අපි හිතුවා. එයා ගෙදරින් පිට වුණා, අපිට හොයන්න එපා කිව්වා. එයා ගෙදරට කතා කරන්නෙත් නැහැ. ජීවිතය ආරක්ෂා කරගන්න ගත්ත පියවරක් විතරයි කියලා අපි දන්නවා.
දැන් එයාව අත්අඩංගුවට අරන් තියෙනවා. එයත් එක්ක විදේශගත වීම ගැන කතා කරලා නැහැ. අපිට ගෙදර ප්‍රශ්න තියෙන නිසා බොරු කියන්න බැහැ.
නිතරම නිලධාරීන් එනවා. මල්ලි කොහෙද ඉන්නේ කියලා අහනවා. අපි දන්නේ නැහැ කියන එක තමයි සත්‍යය. එයාව පාලනය කරන්න මට අවස්ථාව දුන්නේ නැහැ.
වැඩිමල් සහෝදරිය හැටියට මම එයාගේ ඇඳුම් පැලඳුම් දවසක් ඇර දවසක් වගේ ගෙනියනවා. හැබැයි ආහාර දෙන්න බැහැ. එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා තමයි ඒක කරන්නේ.
දැන් එයා සාමාන්‍ය තත්ත්වයේ ඉන්නේ. ආහාර ගන්න ක්‍රමයක් තියෙනවා. ශරීරය පවත්වාගෙන යන්න සමබල ආහාර වේලක් බලාපොරොත්තු වෙන්න බැහැ.
බිරිඳට බලන්න යන්න පුළුවන්. මගේ අම්මා තාත්තටත් පුළුවන්. ඒත් මල්ලි කැමති නැහැ. එයා කියනවා මං එක්ක ගෙදර ගියොත් ජීවිතේ කඩා වැටෙනවා කියලා. එතකොට දරුවන්ගේ අධ්‍යාපනයට බලපානවා, ගෙදර වැඩ රාජකාරිවලට පීඩනයක් එනවා.
ඒ පීඩනය මම තනියම විඳදරාගෙන මගේ පවුලේ අයට නොදී ඉදිරියට කටයුතු කරගෙන යනවා.
බන්ධනාගාරගත වෙලා ආව දා ඉඳන්ම එයාට තර්ජන තියෙනවා. එයා දඬුවම් විඳලා නිදහස් වෙලා ආව දවසේ අපේ ජීවිත නැති කරනවා කියලා තර්ජන ආවා. නීතිඥ මහත්වරු සමඟ තමයි එයාව ගෙදරට බාර දුන්නේ.
එස්ටීඑෆ් එකෙන් හොඳ නිලධාරීන් ඉන්නවා. නමුත් සමහර නිලධාරීන් ඇවිත් මගේ වයසක දෙමාපියන්ට දත් කැඩෙන්න ගහනවා කිව්වා. ඔවුන්ට කතා කරන්න ඉඩක් දුන්නේ නැහැ. උදේ පාන්දර ඉඳන් අපි එළියේ ඉන්නකොට ෆොටෝ ගන්න එපා කිව්වම ඔළුවෙන් හිටවලා ෆොටෝ ගත්තා.
අපිට ගැටුමක් ආවේ ඒ නිලධාරීන් එක්ක විතරයි. නැතුව අපි එක්ක කිසිම තරහකාරයෝ හිටියේ නැහැ. මල්ලිත් කිසිම කෙනෙක් එක්ක තරහ වෙලා අපෙන් පලි ගත්තේ නැහැ.
අත්අඩංගුවට ගත්තට පස්සේ එහෙම කරදරයක් ආවේ නැහැ. නිවසට කවුරුවත් ආවේ නැහැ. එස්ටීඑෆ් එකෙන් හෝ වෙනත් පොලිස්වලින් කිසිම කෙනෙක් ආවේ නැහැ. අපිට කිසිම කරදරයක් ඇති වුණේ නැහැ ඊට පස්සේ.
ගනේමුල්ලේ සංජීව ඝාතනය කරයි කියලා අපිට බයක් සැකක් තියෙනවා. මොකද බන්ධනාගාරගත කළොත් එයාට ආරක්ෂාවක් තියෙනවා. මේ විදිහට රඳවාගෙන ඉන්න එකෙන් අපිට සැකයක් තියෙනවා.
අපි දන්නවා පසුගිය අතීතයේ මෙවැනි සිද්ධීන් වෙලා තියෙන බව. අපිත් ප්රවෘත්ති බලනවා. අපිට හරියටම කියන්න බැහැ මේ ජීවිතය රැකෙයිද කියලා.
ඒ හින්දා අපි හිතනවා මේ අවදානම අයින් වෙනවා නම් හොඳයි කියලා. ඒකට එයා බන්ධනාගාරගත විය යුතුමයි.
අපිට දුකයි මල්ලි මිනීමරුවෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවෙයි කියලා හිතෙන නිසා. එයාට පිටිපස්සේ පවුලක් ඉන්නවා. දෙමව්පියන් ඉන්නවා. මගේ තාත්තා රජයේ සේවකයෙක්, අම්මා රජයේ සේවිකාවක්.
අපිට මංකොල්ල ගහලා අපරාධ කරලා ජීවත් වෙන්න අවශ්‍යතාවක් නැහැ. මමත් රැකියාව කරනවා.
මල්ලි ගෙදර ආවොත් මාව මරයි කියලා මම බයයි. මගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. මල්ලි ගෙදර ඉන්න එකට අපි කැමති වුණේ නැහැ. මොකද අපි ආසයි අපේ මල්ලි ළඟ තියාගන්න.
ඒත් එයාව ළඟ තියාගෙන ඉන්න අතරේ එයාගේ ජීවිතය අහිමි වුණොත් අපිට ලොකු දුකක් දැනෙයි. ඒ නිසා මල්ලි ඒ තීරණයට එකඟ වුණා.
අත්අඩංගුවට පත් වුණාට පස්සේ මගෙන් ඇහුවා. එයා කිව්වා නීතිඥ මහත්වරු එක්ක කතා කරලා තියෙනවා කියලා. ඉක්මනට උසාවියෙන් නියෝග අරගෙන තමන්ව බන්ධනාගාරගත කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.
මේ පිළිබඳව අපිට සතුටුදායක මට්ටමක් තියෙනවා. නීතිඥ මහත්තුරු ගැන අපිට විශ්වාසයක් තියෙනවා. එයාලා නීතිය රකින බව අපිට තේරෙනවා.
මල්ලි දැන් තාම පාතාල ක්‍රියාකාරිත්වය සහ මිනීමැරුම් කියලා හිරේ ඉන්නේ. ඒක කරන්න කොහෙත්ම බැහැනේ. මට මගේ සහෝදරයා ඉදිරිපිට මට යම් දෙයක් කතා කරන්න බැරිනම් මල්ලිට යම් දෙයක් කතා කරන්න බැරිනම් මල්ලි කොහොමද මෙහෙයවන්නේ? එම ස්ථානයේ බුද්ධිමත් පිරිසක් ඉන්නවා නම් රටේ ඒක බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ.
මොහු දැන් රැඳවුම් භාරයේ ඉන්නවා නම් එයාගෙ නම විකුණ විකුණා යම් පිරිසක් දානවා. මොහු තමයි හැමදේම කරන්නේ කියලා. මොහු තමයි එහෙම කරලා අනිත් මිනිහගේ පයිල් වහගන්නේ. පිටින් ඔක්කොම දානවා.
ඒ කරන දේ හරියට හොයලා බලලා කටයුතු කරන්න කියලා මම ඉල්ලන්නේ. ඔහුගේ සමීප අය මේවට පටවලා යම්කිසි වෙනත් දේවල් කරන්න පිරිසක් ඉන්නවා.
අපිට හිතෙන්නේ මෙයා නොකරන දේවල් කරනකොට මේක කොහෙන් හරි කෙරෙන්න ඕනේ. ඒ ගැන මගේ නම කැත කරන්න ඕනේ. ඒ නම කැත කරන්නේ යම් පිරිසක්. මේ පිරිස හොයා ගත්තොත් තමයි හොඳ.
මගේ මල්ලි ඉන්නේ නීතියෙන් නීතියට මැදි වෙලා. ආරක්ෂක නිලධාරීන් මැද. යන එන පාරේ ඉඳන් වටේම නීතිය එයාව කොටු කරගෙන. ඔහුට අපරාධයක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද?
අම්මා රජයේ සේවකයෙක්. තාත්තා රජයේ සේවකයෙක්. ඒගොල්ලන් හොස්පිටල්වල, රෝහල්වල වැඩ කරනවා. මගේ තාත්තා ටෙලිෆෝන් ඔපරේටර් ඉන් චාර්ජ්. මගේ අම්මත් උසස් රැකියාවක් කළා. මගේ අයියත් දැනටත් හොස්පිටල් එකේ රැකියාවක් කරනවා. නැති වෙච්ච නංගි නර්ස් කෙනෙක්. ඉතිං මේ අපේ පවුලේ ඔක්කොම රජයේ රැකියාවල් කරන අය. මල්ලිත් එවැනි දෙයක් කරන්න අවශ්‍ය නැහැ එයාට. එයාට ආදායම් මාර්ග වුවමනා තරම් තිබුණා.
දෙමව්පියන් විසින් එයාට ආදායම් මාර්ග හදලා තිබ්බා. එයාට අඩුපාඩුකම් හෝ මුදල් අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක් මරන්න උවමනාවකුත් නැහැ.
මගේ මල්ලි කියන්නේ බොහොම සංවේදී පුද්ගලයෙක්. එයා පොඩි සතෙක්වත් මරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ දැන් මෙයාගේ නම හදලා තියෙනවා රටේ ඉන්න ලොකුම පාතාලකාරයා, රටේ ඉන්න ලොකු අපරාධකාරයා කියලා. මෙයාට නිර්මාණයක් දීලා තියෙන්නේ.
මං හිතන විදිහට බුද්ධිමත් පිරිසක් මේ දේ බලනවා නම් බුද්ධිමත්ව කටයුතු කරයි. පාතාල ක්‍රියා එකතු කරලා ඒ පිරිස තමයි හොයාගන්න ඕනේ. දැන් අපි හිතමුකො දැන් ඉන්න ස්ථානයේදී හෙට අපරාධයක් වුණාම මේක සංජීව තමයි මෙහෙයවුවේ කියලා කියනවා. හැබැයි දැන් ඒ දේ ටිකක් ඇහිරිලා තියෙනවා.
මොකද නීතිඥවරු සහ පොලිස් නිලධාරීන් අතර ඉන්න නිසා. එයාලට කියනවා ඕක. මගේ ගෙදර සංජීව අද හිටියනම් හෙට අපරාධයක් වුණා නම් සංජීව තමයි මෙහෙයවුවේ කියලා ස්ථිර කරගන්න පුළුවන්.
මේ ඇඳන් ඉන්න ඇඳුම් පිටින්ම ඇදගෙන යනවා. ගිහිල්ලා අපිට කියන්නෙත් නැහැ මොකද වුණේ කියලා. ඔහුගේ ජීවිතය අහිමි කරන්න පුළුවන්.
ඒ අපරාධය සිද්ධ කරන්න වෙන කෙනෙක් මෙයාගේ නම දානවා. අපි කියන්නේ සාධාරණය ඉෂ්ට කරන්න. වෙන මුකුත් නෙමෙයි. දැනට මම වුණත් කිසිම කෙනෙක් එක්ක වෛරයක් නැහැ.
තරහක් නැහැ. මොකද මං දන්නෙත් නැහැනේ. පිරිසක් මං දන්න ඔය කියන කතා විශාල වශයෙන් ජනමාධ්‍ය සහ ප්රවෘත්ති වලින් තමයි මාත් දැනගන්නේ. සාධාරණයක් තමයි වෙන්න ඕනේ.
මගේ මල්ලී අපරාධයක් කරලා නම් එයාට නීතියෙන් දඬුවමක් දෙන්න. බන්ධනාගාරගත කරන්න පුළුවන්. එයාට අවුරුදු ගානක් හිරේ දඬුවමක් දීලා. හැබැයි ජීවිත හානි කරන එක නෙමෙයි එකේ පිළිතුර.
ජීවිත හානි කරයි කියලා ලොකු සැකයක් තියෙනවා. සැකයක් නෙමෙයි, දැන් එස්ටීඑෆ් එකේ අය ඉදිරිපිටම කිව්වා ඔළුව කුඩු වෙන්න ගහනවා කියලා. දැන් ඇඳක් නැතුව හිටියේ.
ඉතින් එයාලා මල්ලිව ඉස්සරහට ආවොත් ආයෙ මුකුත් ඉතුරු කරන්නේ නැහැ. ඔළුව කුඩු වෙන්න, ඇට කටු කුඩු වෙන්න ගහනවා කියලා කිව්වා. කිසිම විමර්ශනයක් නැහැ. ඒ ගොල්ල නිර්මාණය කරන්න හදන්නේ මරනවා කියන එක තමයි.
ඇත්තටම ගණේමුල්ලේ සංජීව මිනී මරලා නැහැ. එක පවුලක් ඔප්පු කරලා නැහැ. අද ඔය තියෙන්නෙත් විමර්ශනය කරනවා කියන්නෙත් තවම ඒ ගොල්ල සැකපිට.
දැන් හවුල් කරලා ඇත්තටම හොරකම් කරපු මිනිස්සු ඉන්නවා. ඒක කරා කියන්නෙත් නැහැ. ඔහුට තිබුණු නිසා සංජීවට තව අවුරුදු දෙකක් තිබුණා.
අහිංසක මිනිහෙක් ඕන දේකට කොටු කරන්න පුළුවන්. ඒ මනුස්සයා අහිංසක. මම අහිංසක නම් මම එතනින් යනකොට කියන්න බොලා ඔය සංජීව කියන්නේ මේ අහවල් දේ කළා කියලා. ලංකාවේ එවැනි සිරිතක් තියෙනවා.
මම මුලිනුත් මහත්තයට කිව්වා එයා ගෙදර ඉන්න කැමතියි. අපි කැමතියි මගේ මල්ලියා ජීවත් වෙන කල් තියාගන්න. පැන්නේ ඇගේ ජීවිතය ආරක්ෂා කරගන්න. හැබැයි රට පැන්නා කියන එක අපි දැනුවත් වුණේ නැහැ. ලංකාවේ ඉන්නවද කියලත් දන්නේ නැහැ.
රට ඉන්නවා කියලා අපිට කිව්වෙ නැහැ. අපිත් අබුද්ධිමත් විදිහට වැඩ කරලා නැහැ. කිසිම දෙයක් ගැන අපිට කෝල් එකක්වත් දුන්නේ නැහැ. මම රට ඉන්නවා කියලා කිව්වෙත් නැහැ.
හැබැයි ජීවිත හානියක් වෙන එක රැකෙනවා තමයි කියලා. එයා රටේ ඉන්නවා නම් එයාගේ පවුල දරුවන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. මොකද මගේ මල්ලිගේ නෝනා ආණ්ඩුවේ සේවකයෙක්. රාජකාරියත් රෝහල්වල වැඩ කරන්නේ. දුවගේ අක්කත් රෝහල්වල. ඒ නෝනගේ තාත්තා සීටීබී එකේ හොඳ තනතුරක හිටපු නිලධාරියෙක්. එයාට හොඳ ආදායම් මාර්ග තිබ්බා, ගෙදර ආදායම් මාර්ග තියෙනවා.
එයාලා උදව් දෙනවා. අපේ පවුල ගොඩක් ලොකු නැහැ. මගේ අම්මයි තාත්තයි හොඳ දෙමාපියන්. මමත් නිකන් ඉන්නේ නැහැ. මමත් රැකියාව කරනවා.
ජීවත් වෙන්න පුළුවන්. මගේ ගෙදර දෙමාපියන් ගොඩනගපු දේවල් ඔය ටික කරගන්න අපිට ලොකු ආදායම් මාර්ග අවශ්‍ය නැහැ. අපිට ඇති තියෙනආදායම ප්‍රමාණවත්.
අපි ඇත්තටම ඉල්ලන්නේ සාධාරණයක් විතරයි. මගේ මල්ලි අහිංසක කෙනෙක්. එයා මිනීමරුවෙක් නෙවෙයි. එයා මංකොල්ලකාරයෙක් නෙවෙයි. එයාට පිටිපස්සේ පවුලක් ඉන්නවා. ඒත් දැන් එයාගේ ජීවිතයට තර්ජන තියෙනවා. ඒ නිසා එයාව බන්ධනාගාරගත කරන එක තමයි හොඳම විසඳුම..”
gossip lanka news