නාමල්ගේ ජීවිතය අනතුරේ
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට බොරු චෝදනා ගොණුකර, රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ජිවිත හානියක් කිරීමේ උත්සාහයක් පවතීදැයි සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් පැවැසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
“නාමල් මහත්තයා හෙට අනිද්ද වන විට වළට යවනවා” කියලා ප්‍රකාශයක් කරනවා. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්. මේ සිදුකරන්නේ මරණ තර්ජනයක්. අපි හෙට අනිද්දා වනකොට නාමල් රාජපක්ෂව ඝාතනය කරනවා කියන කාරණය තමයි මේ නොකිය කියන්නේ. මෙතරම් එළිපිට ප්රජාතන්ත්රවාදි විරෝධි ආකාරයට මේ විදිහට තමන්ගේ විරුද්ධවාදීන් මැඬලන්න කටයුතු කරපු රජයක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. මේ සිදුකරන්නේ ගමින් ගමට වැඩසටහනට බයවෙලා. “යැයිද ඔහු පැවැසීය.
“පාරේ වෙඩි තියලා මරන, උසාවියේ ඇතුලේ වෙඩි තියලා යන රටක් නිර්මාණය කරලා තිබෙනවා. මේ නිර්මාණය කරපු රටේ ඔවුන්ට ඕන විදිහට, ඔවුන්ට කැමැති විදිහට කටයුතු සිදුකරමින් සිටිනා බව පෙනි යන්නේ. මේ ඝාතන රැල්ල අපිට සැකයක් තිබෙනවා. මේ කියන කාරණා අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා ඔවුන් විසින්ම ඇතිකරපු ඝාතන රැල්ලක්ද කියන සැකය මේ ප්‍රකාශය අනුව මතුවෙනවා’’ යැයිද හිටපු මන්ත්‍රිවරයා කියා සිටියේය.
ඊයේ දවසේදී මේ කරන ප්‍රකාශය ඉතාමත් බරපතළ අන්දමේ ප්‍රකාශයක්. එය සුළුකොට තැකිය හැකි ප්‍රකාශයක් ලෙස බැහැර කළ නොහැකියි. වළට යවනවා කියන එකෙන් ඉතාමත් පැහැදිලිව අදහස් කරන්නේ තමන්ගේ ජීවිතය ළඟදීම නැතිවීමේ ඉඩකඩක් තිබෙනවා කියලා තමයි අනතුර අඟවන්නේ. බළලා මල්ලෙන් එළියට පනිනවා වගේ කට පරිස්සම් කරගෙන ඉන්න බැරිව එය කටින් එළියට එනවා. ඒ වගේම යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර මේ රටේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා කියනවා ඊයේ රාත්‍රියේ අපි කතා කළා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්න එක පිළිබඳව. ඒහා සමාන ප්‍රකාශයක් තමයි ඊයේ දවසේ මේ ප්‍රකාශ තුළින් අපි දකින්නේ යැයිද පොදුපෙරමුණ පවසයි.
අරුණ