දේශබන්දු සොයා පොලිස් බලඇණියක් ප්රබලයෙකුගේ නිවසක් වටලයි
අධිකරණ වරෙන්තුවක් නිකුත් කර තිබේදී සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිවස පොලිසියෙන් වටලා ඇති බව වාර්තා කරයි.
මාතර ප්රදේශයේ පිහිටි බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතාගේ මහ ගෙදර ඊයේ රාත්රියේ එකොළහට පමණ මෙසේ වටලා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම් දෙකක් කොළඹ සිට මාතර බලා ගොස් මෙම නිවස වටලා තිබේ.
එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ බස්නායක නිලමේවරයාගේ වියපත් මව පමණක් යයිද සඳහන්ය.
දිශාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ තම නිවසේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟවී සිටින්නේ යැයි ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව දැනගන්නට ලැබුණු බවය.
lanka c news