දළදා වහන්සේ පැහැර ගැනීමට කුමන්ත්‍රණයක්.මහමොළකරු ප්‍රකට භික්ෂුවක්
දළදා වහන්සේ පැහැරගැනීමට සියල්ල සැලසුම් කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත.
මෙම සැලසුමේදී වීදුරු කැපීමේ කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සිංගප්පූරුව වෙත යාමටද කුමන්ත්රණකරුවන් කටයුතු කර තිබූ බව උන් වහන්සේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසති.
දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ කියා සිටිති.
තමන් වහන්සේ ද එම කුමන්ත්රණයෙහි පාර්ශවකරුවෙකු බවත් පවසන ඥාණසාර හිමි පැහැර ගත් දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමේ කටයුත්ත තමා වෙත පැවරී වූ බව කියා සිටිති.
සැලසුමෙහි මහ මොළකරුවා ලෙස අතුරලියේ රතන නම් භික්ෂුවක් කටයුතු කළ බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කර තිබේ
lanka c news