16 තරුණියට වැසිකිලි යන්න බැරිවෙන්න ජංගම දුරකථනය කල හදියක්
ජංගම දුරකතනයක් මෙහෙමත් ලෙඩකට හේතුවක් වෙන්න පුළුවන්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්..
කොහොම වුණත් මේ ප්‍රකාශයට ඒ දැරියගේ අම්මා තාත්තා පවා අන්දමන්ද වෙලා.. ඇත්තටම රෝගයක් එක්ක ජංගම දුරකතනයකට තියන සමබන්ධ මොකක් වෙන්න පුළුවන්ද..?
දින ගණනක් තිස්සේ වැසිකිළි නොයාම නිසා අසනීප වූ දැරියක එයට හේතුව ජංගම දුරකථනය නොමැතිවීම බව වෛද්‍යවරයාට පැවසීම නිසා මව්පියන් අන්දමන්ද වී ඔවුන් භාරයට ගත් ජංගම දුරකථනය එම දැරියට ආපසු ලබාදීමේ අපූරු පුවතක් ගැනයි මේ කියන්න යන්නේ…
වයස 16 ක් පමණ වූ පාසල් දැරියක ජංගම දුරකථනයට හුරුවී සිටි අතර වැසිකිළියට යන සෑම අවස්ථාවකම සිය ජංගම දුරකථන රැගෙන ගොස් බොහෝ වේලාවක් ගත කිරීම පුරුද්දක් කරගෙන සිටියා..
කෙසේ වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම දුර්වල වූ බැවින් හා මෙම සිදුවීම ගැන සැක සිතූ මවුපියන් ඔවුන් විසින් දියණියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඔවුන්ගේ භාරයට ගත්තේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දු කරවීම පිණිසයි..
දුරකථනය අහිමි වී ටික දිනක් යන විට දරුවා විවිධ අසනීපයන්ගෙන් පෙළෙන්නට වූ බැවින් වෛද්‍යවරයකු හමුවට කැඳවාගෙන ගියා…
එහිදී වෛද්‍යවරයා විවිධ ප්‍රශ්න අසන්නට වුණා.. එහිදී දැරිය පැවසූ කතාවෙන් සියලු දෙනාම අන්ද මන්ද වුණා.. ඇය පැවසූවේ දුරකථනය මවුපියන් භාරයට ගත් දින සිටම වැසිකිළි නොගිය බවයි..
වැසිකිළියට ගොස් දුරකථනය පාවිච්චි කරන විට වැසිකිළි යාම සිදුවන බවත් දුරකථනය නැති වූ දා සිටම වැසිකිළියට ගිය ද එම කාර්ය සිදු නොවූ බවත් ඇය පැවසුවේ ලැජ්ජාවෙන්..
මෙය මානසික ආබාධයක් බව පැවසූ වෛද්‍යවරයා ඇයට වැසිකිළි යාමට අවශ්‍ය බෙහෙත් ලබා දුන්නා… කෙසේ වුවද මෙම දරුවාට ජංගම දුරකථනය ආපසු දීමට දැරියගේ මව තීරණය කළා..