කියන දේ නෑසූ නින්දෙන් ගොරවන සැමියාට බිරිද ඉගැන්වූ පාඩම
කියන්න හදන්නේ අලුත බැඳපු ජෝඩුවකට වෙච්ච දෙයක් ගැන කතාවක්…
අලුතෙන් කසාද බැඳපු ජෝඩුවක් හිටියා.. ඔහු ගයාන් , ඇය නයනී … ඔවුනේ මංගල රාත්‍රීය පුරාම ඇයට නින්ද ගියේ නැහැ… ඉතිං පළවෙනි දවසේ පානදර වෙනකම් අවදියෙන් උන්නු නයනී හරිම අපහසුවට පත් වුණා..
ගයාන් හරියට නින්දෙන් ගොරවනවා… ඉතිං උදේ පානදර නැගිටිනකොට නයනීගේ මූණ හරි නැහැ… ගයාන් හිනාවෙලා මෙහෙම කිව්වලු…
පැට්ටෝ මම හීනයක් දැක්කා…
හීනයක් ? හීනයක් කෙසේ වෙතත් ඔයා ගෙරෙව්වා . මට නින්ද ගියෙත් නැහැ…
ආ.. ඒක ගණං ගන්න එපා පැට්ටෝ . මම හීනෙන් ගොරවනවා.ඒක සාමාන්‍ය දෙයක්. අපේ ගෙදර අයට නම් හුරුයි.
ඒත් සති මාස ගෙවිලා ගියා .. මේ නිසා පවුලේ සාමයට බාදා වුණා.. ඇය හිටියේ දුකින්… ඔහු හැමදාම රෑට නොනවත්වාම ගෙරෙව්වා.. ඇය දිගින් දිගටම ඉල්ලුවා ඩොක්ට කෙනෙක්ව හමුවෙන්න යමු කියලා.. ඒත් ඔහු ඒකට ඉදිරිපත් වුණේ නැහැ… ඔහුට ගොරව ගොරව හරි නින්ද ගියා … ඒත් ඇයට නින්ද ආවේ පානදර ජාමේ.. ඇය ගොරවන සද්දේ නිසා දැඩි සේ අපහසුවට පත් වුණා… ඉතිං හැමදාම රැය ගෙවුණේ නිදිවර්ජිතව… මේ නිසා ඇය මානසිකව ගිලන් වුණා… ඔහුව ටිකෙන් ටික ඇයට එපා වෙන්න පටන් ගත්තා…
ගයාන් , මේ ජිවිතේ මට එපා වෙලා. ඔයාගේ ගෙරවිල්ල ගෙදර අයට සාමාන්‍ය දෙයක් වුණාට මට එහෙම නැහැ. මට එළිවෙනකම් නින්ද යන්නේ නැහැ. පාන්දර නැගිටලා තනියම මහන්සි වෙලා උයලා ඔෆිස් එකට ගියාට පස්සේ මට නින්ද යනවා මේසේ උඩ , මට මහන්සියි . අනේ අපි ඩොක්ට කෙනෙක් හම්බවෙලා බේත් ගමු. ඕක අඩු කරගන්න පුළුවන්.. ඇය ඇඬුවා.. ඒත් ගයාන් ඒක කනකට ගත්තේ නැහැ…
එක දවසක් පාන්දර ඇය සේරම ඇදුම් ටික අරගෙන ඇගේ මහගෙදරට ගිහින් තිබුණා..
ඇය ගෙදරින් ගියාට පස්සේ තමයි ඔහුගේ ඇස් ඇරුණේ..
බොහොම ලේසියෙන් විසඳගන්න පුළුවන්කම තිබුණ ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා..
සමහර පවුල් ජීවිත බිදිලා යන්නේ පුංචිම හේතුවකට වෙන්න පුළුවන්… මේත් ඒ වගේ කතාවක්..
උපුටාගැනීම: හිරුගොසිප්
