ලියුම් කවරේ තිබූ මිතුරා දුන් සංවේදී තෑග්ග
මිතුරාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.
මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්දමට කතාව මෙසේය.
රාජ්‍ය සේවකයන් දෙපළකි. ගජ මිතුරන්ය. ඉඳහිට මත්පැන් ටිකක් තොල ගෑවේ ද එකිනෙකාගේ මූල්‍ය දායකත්වයෙනි.
මිතුරාගේ මංගල උත්සවය වෙනුවෙන් අනික් මිතුරාට ද ආරාධනාවක් ලැබිණ.
තම දරුවන් සහ බිරිය ද සමග හොඳින් හැඳ පැළඳ ගත් මිතුරා මංගල උත්සවය පැවැති හෝටලය වෙත කල් තබාම පැමිණියේ මංගල සභාවේ පිරිස සමග මත්පැන් ටිකක් තොල ගාමින් විනෝද වීම සඳහා කල් තබාම කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
මංගල උත්සවයේ කටයුතු නිමා වී නව යුවළට තෑගි බෝග ලබා දීම ද සිදු කෙරිණි.
දින කිහිපයකට පසුව පරීක්ෂා කරද්දී මංගල යුවළට ලද තෑගි බෝග අතරේ තිබුණේ අපූරු තෑග්ගකි.
රුපියල් දෙදහසක් ඇතුළත් ලිපි කවරයක් සමග රෝස පැහැති කොළ කැබැල්ලක අත් අකුරින් ලියා තිබුණේ අපූරු වැකි කිහිපයකි.
“මචං, උඹ දන්නවනෙ අපි රජයේ සේවකයෝ කියලා. අපි ජීවත් වෙන හැටිත් උඹ දන්නවා. ඒත් උඹේ මංගල උත්සවයට ආවේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුණා. ඒ නිසා හුඟක් අමාරුකම් මැද්දෙ තමයි මම උත්සවයට ආවේ. උඹලා අපි වෙනුවෙන් වියදම් කරපු විදිහට මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා. ඒත් මචං ගෑනිටයි දරුවො දෙන්නටයි මටයි ඇඳුම් අරගෙන හෝටලයට එන්න හයර් එකට ත්‍රීවීල් එකකුත් ගන්න මට රුපියල් 18,000ක් විතර ගියා.
ඒ තත්වය මත මචං මට ලොකු තෑග්ගක් උබට දෙන්න බෑ. මෙතැන තියෙනවා පුංචි තෑග්ගක්. ඒක බාරගෙන මට සමාව දීපන්. සමාව නුදුන්නත් මේ විසි දහසම වියදම් කළේ උඹ වෙනුවෙන් කියලා ගෙදර උන්ට කියල දීපං. මේ උඹේ හිතවතා ………..”
උපුටාගැනීම: හිරුගොසිප්