මැදපෙරදිග ගැටුම නිසා ඉන්දන මිලට වෙන්න යන දේ මෙන්න
ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය මත ඉදිරියේදී මෙරටට ආනයනය කරන ඉන්ධනවල මිල ගණන් ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවට මත පළවනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී වීරසිංහ මේ බව පවසනවා.
එමෙන්ම පවතින යුද ගැටුම් මත ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යා හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විටෙක තෙල් සැපයුම බිඳවැටිය හැකි බවද ඔහු පවසනවා.
මේ හරහා මෙරට තේ සහ ඇඟළුම් අපනයනයට බාධා එල්ල විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අනූව ඉදිරියේදී ලකාවේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවටයි මහාචාර්යවරයා අනුමාන කරමින් පෙන්වා දෙන්නේ.
