බිත්තර මිල දැනුම්දෙන්න අලුත්ම ක්‍රමයක්
බිත්තර මිල පිළිබදව ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකසන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඔවුන් පවසන්නේ, අතරමැදියන් බිත්තර විකිණීමෙන් අධික ලාභ ලැබීම මුල් කරගනිමින් මෙම පියවර ගත් බවයි.
වෙළෙඳපොළ තුළ මිල මේ වනවිට රුපියල් 28ත් 32ත් අතර මිලකට බිත්තරයක් අලෙවි වන අතර, පසුගිය මාස කිහිපයේ බිත්තර අධික මිලකට අලෙවි වුණා.
බොහෝ පාර්ශ්ව චෝදනා කළේ බිත්තර මිල ඉහළ යාමට එක් හේතුවක් වූයේ අතරමැදි වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වය බවයි.
මේ අතර බිත්තර මිල යළි ඉහළ නොදැමීමට පියවරක් වශයෙන් දිනපතා බිත්තර මිල සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් බිත්තර නිෂ්පාදකයින් හඳුන්වාදීමට සූදානම් වනවා.
උපුටාගැනීම: හිරුගොසිප්
