මදුවාට පුපුරන ද්‍රව්‍යය දුන් ශාන් පුතා කොටු වේ
ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැත්තාට පුපුරන ද්‍රව්‍ය තොගයක් ලබා දුන් බව කියන සිද්ධියකට තවත් ජනප්‍රිය රැප් ගායකයකු වන ‘ශාන් පුතා’ නමැත්තා ද සැකපිට අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
මෙම සැකකරු නීතිඥවරයකු මාර්ගයෙන් භරවීමෙන් අනතුරුව අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
ජෙලග් නයිට් කූරු 3 ක්, ඩෙටනේටර් 5 ක්, ඇමෝනියා නයිට්රේට් කිලෝ 3 ග්‍රෑම් 500 ක් සමඟ ඉකුත් (02) වැනිදා මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැති රැප් ගායන ශිල්පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වැනිදින කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබුණා.
සැකකාර රැප් ගායකයා පදිංචි වෙනත් නිවෙසක් වන පිටිපන ගල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වල දමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවුණා.
සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා ශාන් පුතා නැමැති රැප් ගායකයා සමඟ පැමිණ තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට දුන් බවට සැකකරු විසින් අනාවරණය කළ බව පොලිසිය පවසනවා.
සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ, පොලිස් සැරයන් 18808 සේනාධිර, පොලිස් කොස්තාපල් 8436 ප්‍රියංකර, 106209 කාවින්ද, 15482 තිළිණ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. මෙන්න පුවත
ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැත්තාට පුපුරන ද්‍රව්‍ය තොගයක් ලබා දුන් බව කියන සිද්ධියකට තවත් ජනප්‍රිය රැප් ගායකයකු වන ‘ශාන් පුතා’ නමැත්තා ද සැකපිට අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
මෙම සැකකරු නීතිඥවරයකු මාර්ගයෙන් භරවීමෙන් අනතුරුව අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.
ජෙලග් නයිට් කූරු 3 ක්, ඩෙටනේටර් 5 ක්, ඇමෝනියා නයිට්රේට් කිලෝ 3 ග්‍රෑම් 500 ක් සමඟ ඉකුත් (02) වැනිදා මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නමැති රැප් ගායන ශිල්පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වැනිදින කහතුඩුව මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබුණා.
සැකකාර රැප් ගායකයා පදිංචි වෙනත් නිවෙසක් වන පිටිපන ගල්හේන ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස පුපුරන ද්‍රව්‍ය තොගයක් වල දමා ඇති බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවුණා.
සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා ශාන් පුතා නැමැති රැප් ගායකයා සමඟ පැමිණ තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට දුන් බවට සැකකරු විසින් අනාවරණය කළ බව පොලිසිය පවසනවා.
සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ, පොලිස් සැරයන් 18808 සේනාධිර, පොලිස් කොස්තාපල් 8436 ප්‍රියංකර, 106209 කාවින්ද, 15482 තිළිණ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
උපුටාගැනීම: හිරුගොසිප්
