රිය සහයක කිව්ව කතාව මෙන්න
ඇල්ල ප්රදේශයේදී ඊයේ(04) සිදු වූ බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් ගතකර සිටින බස් රථයේ සිටි රිය සහායක සිය අදහස් දක්වා සිටියා.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
”මම අයියත් එක්ක රිය සහායක විදිහට ආවේ. මඟදි කොහොම හරි බ්රේක් නෑ කිව්වා. පහළට ගියා.. මටත් එච්චර මතකයක් නෑ. බස් එක වැදිලා එහෙම්මම වැටුණා. කට්ටිය කතා කරන සද්දෙට තමයි මට ඇහැරුනේ. බ්රේක් නැති නිසා බස් එක නතරකර ගන්න බැරිවුණා.”
උපුටාගැනීම: හිරු
