අලුත බැන්ද බිරිදගේ ලියුම් කවරය මාරු වී අනියම් සැමියා සමග නැටූ සෙල්ලම් ගමටම හෙලිවෙයි
නිදන ඇඳේ කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමිය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.
මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියා. සැමියා නිවුණු ගතිපැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවා..
මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණයි. දියණිය දීගයන විට දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළා.
ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු වුණා. පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ විට තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදුවුණා. මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා ගියා …
ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ටද නොදැනෙන ලෙසයි. කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව ඇතිවූ සැකය පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළා. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළා.
තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක කළේ නැහැ… සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව තමයි ආරංචි වුණේ.
එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදුකලා. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට ගමන පහසු වුණා. කාන්තාවගේ නිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළා. කිසිවක් සිතා ගැනීමට නොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තා. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය. කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස රැය පහන් කළා..
පැයක් දෙකක් වැඩිපුර නින්ද ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමු වුණා. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් සහ යතුරුපැදියක රක්ෂණ සහතිකයක් තිබුණා.. කුඩා දරුවා මහගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳ යතුරුපැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවා.
කොට්ටය යට තිබී හමුවූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණා. අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසූහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී මුදල් තිබූ ලියුම් කවරය වෙනුවට බලපත්‍ර තිබූ කවරය මාරුවී ඇති බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූණා.
තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගිය අතර තරුණයාට සිදුවූ ලියුම් කවර මාරුව පිළිබඳ කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද ආරංචි වුණා…
හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන