සල්ලිත් නොගෙන පද්මෙගෙ වැඩේට බහින්න හේතුව සෙව්වන්දිගෙන් එලියට
කෙහෙල්බද්දර පද්මේ විසින් ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරා සෙව්වන්දිව හවුල්කරගෙන ඇත්තේ ඇයව යුරෝපා රටකට යවන බවට දුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඇය නිරන්තරයෙන් කෙහෙල්බද්දර පද්මේට තමාට යුරෝපා රටකට යෑමට සිහිනයක් තිබූ බව පවසා ඇති අතර සංජීව ඝාතනයට ඇය කිසිදු මුදලක් අය කර ගෙන නැත්තේ පද්මේ ලබා දුන් යුරෝපා යැවීමේ පොරොන්දුව නිසා බවයි ඇය පවසා ඇත්තේ.
පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින අතර ඇය විසින් ආධාර අනුබල දුන් සංජීව සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට අනාවරණ කරමින් සිටිනවා.
තමාගේ එකම සිහිනය වී තිබුණේ යුරෝපා රටකට යෑමට බවත් ඒ සඳහා කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් පොරොන්දුවක් මත සංජීව ඝාතනයට අධාර අනුබල දුන් බවත් ඇය පවසා තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ විසින් ඉෂාරා සෙව්වන්දිට පොරොන්දු වූ ආකාරයට යුරෝපා රටකට යැවීමට ඉෂාරා සමඟ අත්අඩංගුවට පත් ජේ.කේ බායි නැමැත්තාට රුපියල් ලක්ෂ 65ක් ලබා දී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර සැලසුම් කරගෙන සිටි බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම කුඩා කළ සිට කරගෙන ගොස් ඇති ඉෂාරා සෙව්වන්දි තම රට සිහිනය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කෙහෙල්බද්දර පද්මේට පවසා තිබුනේ මේ අනුවයි.
මෙලෙස ප්‍රකාශ කරමින් කෙහෙල්බද්දර පද්මේ විසින් ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරා සෙව්වන්දිව හවුල්කරගෙන තිබෙන බවට විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දුන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා අද පෙරවරුවේ කොළඹ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනා.
මේ අතර නේපාලයේදී අත්අඩංගුවට සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් 6 දෙනාව දින 90 රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්.ඩී විජේතුංගගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි
