ලංකාවේ ගණිකාවන් 35,000යි,සමලිංගිකයන් 80,000යි – ඇග හිරිවැටෙන හෙලිදරව්ව
අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බව ලිංගාශ්‍රිතව බෝවන රෝග මර්ධන ඒකකය මගින් ප්‍රකාශිත අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
එම ඒකකය මගින් ප්‍රකාශයට පත් කොට ඇති පරිදි නිල වශයෙන් හඳුනාගෙන ඇති කාන්තා ගණිකාවන් 35000 ක්ද, පිරිමි සමලිංගිකයන් 80000 ක් ද, ඖෂධ නික්ෂේපණය කර කර ගන්නා පුද්ගලයන් 3011 ක්ද සිටිති. මීට අමතරව වෙරළ ආශ්‍රිතව කටයුතු කරන පිරිමි ළමුන් 6000 ක්ද ලිංගික පරිවර්තනයන්ට ලක් වූ කාන්තාවන් 3500 ක්ද සිටිති. එකතුවක් ලෙස මෙම සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසකට ආසන්න වන අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් හරහා එච්අයිවී ඒඩ්ස් රෝගී තත්ත්වයන් පැතිරීමේ වැඩි අවධානමක් මෙම කණ්ඩායම් තුළ පවතී බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
දැනට දිවයින පුරා එච් අයි ඒඩ්ස් ආසාදිතයන් ආසන්න වශයෙන් හයදහසකට අධික ප්‍රමාණයක් ජීවත් වන අතර මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ජීවත්වෙයි. මෙයට අමතරව ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර මාතර බදුල්ල යන දිස්ත්‍රික්කවලද ලිංගාශ්‍රිත බෝවන රෝගවල ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව පැහැදිලි වෙයි.
එසේම සිපිලිස් හෙවත් උපදංශ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමේදී ලිංගික පරිවර්තනයට ලක් වූ කාන්තාවන් තුළ එම රෝගී තත්ත්වය බහුල බව ද අනාවරණය වී ඇත.
මෙවන් තත්ත්වයක් තුළ පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වැදගත් වන අතර, විකෘති ලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනය සඳහා අනුබලදීම හෝ ඒ සඳහා උපකාරී වන අන්දමට කටයුතු නොකිරීම සඳහා රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජිව මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙරටට විදේශීය සංචාරකයන් ආකර්ෂණය සඳහා මෙවැනි නරක ප්රචාරක කටයුතු භාවිතා කිරීම අවසානයේදී මෙරට තරුණ පරපුර අකාලේ ලිංගාශ්‍රිත බෝවන රෝග රැසකට ගොදුරු කිරීමට හේතුවක් වන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පවසයි.
