ආපදා සහනාධාරයෙන් පාටි දැමූ සැමියාට ගමටම පේන්න කලකම් එවෙලේම පලදෙයි
මෙම සිද්ධිය වාර්තා වන්නේ මාදම්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එක්තරා ග්රාම නිලධාරී වසමකිනි.
වාර්තා වන අන්දමට එම සිද්ධිය වනුයේ, පසුගියදා ඇතිවූ ගංවතුර හේතුවෙන් අපවිත්ර වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් 25000ක ආධාර මුදලින් යහළුවන් සමඟ මත් පැන් සාදයක් පවත්වා බීමත්ව වෙරි මතින් හැසිරෙද්දී ඇද වැටී තුවාල ලබා රෝහලකින් ප්රතිකාර ලබාගත් පුද්ගලයකු පිළිබඳවය
මෙම සිද්ධියට අදාළ පුද්ගලයාගේ නිවස ද ගංවතුරට යටවීම නිසා අපවිත්ර වී තිබී ඇති බැවින් නිවස පිරිසිදු කර ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 25000ක ආධාර මුදල එම නිවසේ ගෘහ මූලිකයා වන මෙම පුද්ගලයාටද අදාළ වසමේ ග්රාම නිලධාරීගේ නිර්දේශය මත ලබා දී ඇත.
එම ආධාර මුදල ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් මෙම පුද්ගලයා තම නිවස සුද්ද පවිත්ර කර ගන්නවා වෙනුවට එදිනම ඔහුගේ මිතුරන් කීප දෙනකුද සමඟ එකතු වී නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇත.
නොමිලේ රජයෙන් ලැබුණ මුදල මත්පැන් සඳහා යහමින් වියදම් කරමින් මිතුරන් සමග සාදය ජයටම පවත්වා ඇති අතර සාදය අතරතුර මෙම පුද්ගලයා වෙරි මතින් හැසිරෙද්දී බිම ඇද වැටීමෙන් තුවාල ලබා ඇත.
පසුව නිවැසියන් විසින් ඔහු රෝහල වෙත රැගෙන ගොස් ප්රතිකාර ලබාගෙන ආපසු නිවසට කැඳවාගෙන පැමිණියේය.
මාදම්පේ එස් හේරත්
උපුටාගැනීම: දෙයියෝ සාක්කි
