දූ ඔය සම්බන්දෙ පටන් ගත්තෙත් මගෙන් අහලා
ලංකාවේ වැඩියෙන්ම ඉන්නෙ ලිංගික අසහානකාරයෝ..
එතනිනුත් වැඩිපුරම ඉන්නෙ තවත් ගෑනියෙක්ගේ නැත්තම්
ජෝඩුවකගේ නිරුවත් දේවල් හොරෙන් බලන්න ආස උන්….
ගොඩක් ඇඳුම් මාරු කරන තැන්වල, වැසිකිළිවල තිබිලා
කැමරා හම්බෙන ඒකයි…
මෑතක අහුවෙච්ච කපුවෙක් කියලා එකෙක්,
පොඩි කොල්ලො ටිකක් නිරුවස්තර කරලා ෆොටෝ වීඩියෝ
අරන්.. ඒක ඔක්කොම පෝර්න් (අසභ්‍ය) වෙබ් සයිට් වල දාලා..
මට හිතාගන්න බැරි උදේ හවස බණ අහන,
ගමක් දෙවනත් වෙන්න දානමාන කරන මිනිස්සුම ද මේ?
මේ සිද්ධිය වුණේ 2017 දී මට මතක හැටියට…
ඒ දවස්වල එක දිගට ගොඩක් ෆොටෝ වීඩියෝ ලීක් වෙච්ච කාලයක්..
පව් අහිංසක කෙල්ලෝ…
ආදරේ කියලා හිතාගෙන තමන්ගේ නිරුවස්තරේ යවනවා,
පිරිමින්ට.. ඒකත් තමන්ගේ ජීවිතේ වැදගත්ම පිරිමියාට…
ඒත් පිරිමියා ඒක තියාගන්නවා, පාවිච්චි කරනවා.
එක දවසක් ආපු ගෑණු ළමෙක්ගේ අම්මා කෙනෙක්,
ඒ කෙල්ලව තුරුළු කරන් සනසන හැටි මම දැක්කා..
මට හරියට දුක හිතුණා..
මොකද සමහර වෙලාවට අපි වීඩියෝ තුන්දාහක් මකලා,
පේජ් බර ගාණක් රිපෝට් කළත්, ඒ වෙනකොටත්
ගොඩක් උන් වට්ස්ඇප් බර ගාණක ඒ වීඩියෝ එක
රහ බලනවා…
ඒ කියන්නෙ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි !!!
එදා ඒ අම්මා මට කිව්ව වචන අද වගේ මට මතකයි….
“සර්.. මම මේ කෙල්ලව හැදුවේ තාත්තා නැතුව.. තාත්තා වෙන ගෑනු
පස්සෙ යන සල්ලාලයෙක්.. ඒත් මම ඒකට ඉඩදීලා මගේ දරුවා අරන් පැත්තකට
වුණා. මම මේ කෙල්ලව ඇස් දෙක වගේ පරිස්සම් කළේ.
ඔය කියන කොල්ලා එක්ක සම්බන්ධෙ පටන් ගත්තෙත් මගෙන් අහලා.
ඒ කොල්ලා හොඳයි හිතුණු නිසා මාත් ඔලුව වැනුවා.
මහත්තයෝ අපි මිනිස්සු කාලා බලනවා නෙවෙයිනේ.
මෙයත් හරි සතුටින් හිටියා. පස්සෙ පස්සෙ අඬන්න ගත්තා..”
“මම ඇහුවත් මට කිව්වෙ නෑ. පස්සෙ දුන්නු වදෙට කිව්වේ.
ඒ කොල්ලා එක්ක මෙයා සම්බන්ධෙ නවත්තලා එයාගේ වැරදි නිසා.
කොල්ලා ඒකේ පළිය ගන්න මෙයාගේ වීඩියෝ එකක් හැමතැනම යවලා.
දුවෙක් අඬනවා බලන් ඉන්න අමාරුයි ! එයාට අඬලම මහන්සියි…
වීඩියෝ එකකට මෙච්චර දරුණු දේවල් කරන්න පුළුවන්ද?
මගේ එකි මොන වරදක් කළාටද ?”
“මම හරි බයෙන් පැය විසිහතරම ඉන්නෙ මහත්තයෝ…
කොටින්ම කිව්වොත් මම මේකි ළඟ හෙළවෙන් නෑ. ගේ තියෙන
ළණුයි පිහියි… භයානක ආයුධ එකක්වත් මෙයාට පේන තැනක තියලා නෑ.
මොකද මට එච්චරම බයයි මෙයා මොනා හරි කරගනී කියලා..
ගොඩක් කොල්ලො මෙයාට බැනලා දාපුවා ෆේස්බුක් එකේ මාත් දැක්කා..”
“මට හරිම දුකයි… මගේ දුවටම මෙහෙම වුණේ එයා පෙර කරපු
පවකට වෙන්නැති.. ඒත් මම කොහොම හරි මේ කෙල්ල එක්ක ඉන්නවා.
ආදරේ කරපු එක වැරදි නෑනේ.. මං මේ කෙල්ලව කොහොම හරි
මේකෙන් පන්න ගන්නවා මහත්තයෝ… මේකිව යකඩ ගොඩක් කරලා,
කොහොම හරි මේ කතා කියපු උන්ට පෙන්නම අරන් එනවා..”
මචං… ඕක තමයි ඒ අම්මා කිව්ව කතාව.
දැන් ඒ කෙල්ල ඉන්නෙ පිටරට.. එංගලන්තේ වෙන්නෝන.
ලංකාවට ආවෙම නෑ මම දන්න විදිහට.
වැඩේ කියන්නෙ මචං… අපි කොච්චර අයින් කළා වුණත්,
අදටත් ඒ වීඩියෝ එක ඉන්ටනෙට් එකේ තියෙනවා……………
අපේ ලංකාවේ “සමහර” මිනිස්සු තිරිසන් සත්තුන්ටත් අන්තයි මචං..
ඒකයි ඇත්ත……………..
