මට මෙච්චරමයි ඕනේ කියලා බැගෑපත් වුනා
ගුරුවරයෙක් කියන්න මේ ලෝකේ ලස්සනම
වෘත්තියක අයිතිකාරයෙක්.. ඒ්ක අතිශය පූජනීය
වෘත්තියක්.. ගරු බුහුමන් ලැබිය යුතු වෘත්තියක්.
ඒත් ඒ සමහර වෘත්තියට නිගා කරන
ගුරුවරු නිසාම ඒ වෘත්තිය හෑල්ලූ වෙනවා.
මිනිස්සු ගොඩක් වෙලාවට රඟපෑමක් කරන්නෙ.
එයාලගේ මතුපිටින් පෙන්වන
මූණ ඇතුළේ වෙනස්ම සතෙක් හැංඟිලා ඉන්නවා
වෙන්න පුළුවන්.
මේ කතාවේ නම් ගම් නොකියා,
ඒ කෙනා ලංකාවේ ප්රසිද්ධ ගුරුවරයෙක් කියලා
විතරක් අපි කියන්නම්…
මේ කෙල්ල කියන ඇත්ත කතාව ඔබත්
ඇහුවොත් ඔබටත් පිළිකුලක් දැනෙයි….
“මම මේ කියන කතාව ඇත්තක්. කෙනෙක් ට
කියන්න පුළුවන් බොරුවක් කියලා. ඔය සර්ව වන්දනා
කරන අයවත් මේක පිළිගන්න එකක් නෑ. මොකද ඉතින්
ධර්ම දේශනානේ දෙන්නෙ ලෝකෙට ඇහෙන්න.
ඒ වුණාට අපි තමා දන්නෙ ඇත්ත කතාව..”
“මේක වුණේ මම ඒලෙවල් කාලේ. මම සර් ගාව
ක්ලාස් ගියේ ෆ්රී කාඩ් වලට. ඒ මොකද ඒ දවස්වල
මම ඇක්සිඩන්ට් එකක් වෙලා එක්තැන් වෙලා හිටියා.
ඒ නිසා සර් ඒක දැනන් මට නිතරම කතා කළා.
මාව බලන්න හොස්පිට්ල් පවා ආවා. එයා ගොඩක්
ෆිට් වුණා..”
“සර් මැරි කරලා හිටියේ. චූටි බබෙකුත් හිටියා.
මම ෆ්රී ක්ලාස් ආවම සර් මා එක්ක ෆිට් වුණා. මගේ
ලෙඩ දුක් ගැන ඇහුවා. ගෙදර අය ගැන ඇහුවා.
එක දවසක් මට ෆෝන් එකක් තෑගි දුන්නා. මම වැඩිය
හිතුවේ නෑ. ඇත්තටම සර් ගැන මට තිබ්බේ භක්තියක්.
ඒ කියන්නෙ හරියටම කිව්වොත් මට මගේ තාත්තා
වගේ හැඟීමක්..”
“හැබැයි සර්ට නම් එහෙම නෙවෙයි.
සර් මට එව්වේ නරක මැසේජ්. සර්ට තිබ්බෙ
මහා අමුතු ආසාවල්. එයා ‘පැටියෝ, බබා, සුදු නෝනා’
වගේ බොළඳ වචනවලින් මට කතා කළේ. එයාට තිබ්බ
එකම ආසාව මගේ බූබ්ස් (පියයුරු) බලන එක.. වෙන කිසි
දෙයක් නෙවෙයි. ‘පැටියෝ මට මෙච්චරමයි ඕනි’ කියලා
පිණ්සේන්ඩු වුණා.. අන්තිමට මනුස්සයාගේ හැටි දැනගෙන
මම අහකට වුණා. මොකද මට ඒ තරම් පිළිකුල් වුණා..
මම යාලුවන්ට කිව්වත් සමහර අය නම් විශ්වාස කළේ නෑ..”
“තවත් අය කිව්වෙ මේක මගේ පෙළඹීමක් නිසා
මිසක් සර්ගේ වරදක් නෑ කියලා. දෙයියනේ මම තාත්තා
වගේ හිතපු එකද පෙළඹවීම? මට මාර දුකක් දැණුනේ..
මම හරියටම ඇඬුවා. ක්ලාස් ගියේ නෑ. කොච්චර පිළිකුල්
වුණා ද කිව්වොත් සර් දුන්නු ෆෝන් එකත් කුඩුපට්ටම් කළා..”
“ඒත් මම අදටත් බලන් ඉන්නවා.
මට හිතෙනවා දවසක සර්ගේ පැටිකිරියම
ලෝකෙම දැනගනිවී..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
