බිරිදගේ බොරු චෝදනා ඉවසාගත නොහැකිව සැමියා කල දේ
ඉතිහාසේ පෙරළලා බැලුවත්, මේ වගේ කතාන්දර හුඟක් තියන බව බොරුවක් නෙවෙයි.
ඒත් මේ කතාව ටිකක් වෙනස්.
මේ අසාමාන්‍ය කතාව අපිට ඇහෙන්නෙ පොල්පිතිගම ප්‍රදේශයෙන්.
අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් තමයි මේ…
පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ තමයි මේ පුද්ගලයා පදිංචි වෙලා ඉඳලා තියෙන්නෙ.
මනුස්සයා විවාහකයි.
සිද්ධිය වෙලා තියෙන්නෙ, 26 දා.
හවස ගෙයින් පිට ගිහින් ආපු වෙලාවක, බිරිඳ පුද්ගලයාට බැන වදින්න අරන්.
“තමුසේ වෙන ගෑනියෙක් එක්ක යනවා නේද? ඒක තමයි පරක්කු වෙන්නෙ හැමදාම..” කියලා.
මේ බොරු චෝදනාවලින් අසරණ වූ සැමියා
“නිකරුණේ බනින්න එපා අනේ…” කියලා පිණ්සේන්ඩු වෙලා.
බැරි ම තැනලූ පුරුෂ ලිංගක කපාගෙන තියෙන්නෙ.
ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිගම රෝහලට සැමියාව ඇතුළත් කරන්න බිරිඳම කටයුතු කරලා.
ඔහු ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් පොල්පිතිගම රෝහලේ සේවකයෙක් අපි අහපු වෙලාවේ කිව්වා.
