තාත්තයි අංකලුයි කියපුව මම අහගෙන හිටියේ
සමහර මිනිස්සු කෝටිපතියන්, ලක්ෂපතියන් විදිහට,
ලෝකෙට පේන්න හිටියට, උන්ගේ ජීවිතේ ඇතුළ
ඇත්තටම ලස්සන නෑ. හැබැයි කයිවාරු නම් එමටයි…
ගොඩක්ම කෙටි ක්‍රම වලින් දියුණු වෙලා,
සල්ලි කොළ අතගාන ඕකූන්ගේ ජීවිත මහා ගන්ධස්කාරයි..
මට මේ කෙල්ල හම්බෙද්දි ඒකි ගොඩක් සිහියට
ඇවිත් හිටියේ.. පුනරුත්තාපනය වෙච්ච තැන ඉඳන්
ගොඩක් කල් ගිහින් තිබුණා කෙල්ලට හිත හදාගන්න…
ඒකිව රේප් කරලා, මත්ද්‍රවය වලට පුරුදු කරලා තිබ්බේ
ඒකිගේ තාත්තගේ ම යාලුවෙක්…
මේකිව බේරගන්න බැරිම තැන මෙහාට දාලා තියෙන්නෙ
බොරු නම් ගම් වලින්. මොකද ඒ පොර කැමති නෑ
තමන් කවුද කියලා කියන්න…
“සෙනාල් අංකල් හැමදාම අපේ ගෙදර එනවා. තාත්තා එක්ක හරි කිට්ටුයි.
ඒ දවස්වල මම මොකක් හරි එක්සෑම් එකක් කරන කාලේ.
මට එතකොට අවුරුදු 18ක් 19ක් විතර වෙන්නෝන..
අපේ අම්මා අපිත් එක්ක හිටියේ නෑ. එයා වෙන හබී කෙනෙක් එක්ක
හිටියේ. තාත්තා එක්ක ප්‍රශ්න වෙලා ගියේ. මාසෙකට සැරයක්
මං එයාගේ ගෙදර යනවා.. එයාගේ හබි නම් හරි හොඳයි.
තාත්තා වගේ සතෙක් නෙවෙයි..”
“එදා දවසක් මම ක්ලාස් ගියේ නෑ. මහන්සි නිසා නිදාගත්තා.
නින්දෙන් වගේ මට ඇහුණා. තාත්තායි අංකලුයි ගෙදරට ඇවිත් සද්ද කරනවා.
තාත්තයි ඒ අංකලුයි කතාවෙච්ච හැමදේම මම අහගෙන හිටියා.
මගේ රූම් එකට හොඳටම ඇහෙනවා, එයාලා සද්දෙට කියන දේවල්..
ඊයා ඒ අංකල්කාරයා… ලැජ්ජාවක් නෑ ඌට..
එතකොට අපේ තාත්තා දුන්න උත්තරේ…”
“උඹලා දුව පට්ට කෑල්ලක් ඈ!! මට එදා පිස්සු හැදුණා ටවල් එක පිටින් දැක්කම!” (අංකල්)
“උඹට ඔච්චර ආස නම් දුව ගිෆ්ට් එකක් විදිහට දෙන්නම්.” (තාත්තා)
“මොකක්..? තොට මෝ* ද? මම මේ සීරියස් කිව්වා නෙවෙයි..” ( අංකල්)
“නෑ නෑ ගෝඩ් ප්‍රොමිස්.. මම කියන්නෙ දුවව උඹට දෙන්නම් කැමති දේකට.. හැබැයි උඹ අර වැඩේට ඉන්වෙස් කරන්න ඕනි..” (තාත්තා)
“අඩෝ මචං.. ඒ වැඩේ අවදානම්.. මම එදත් කිව්වනේ..” (අංකල්)
“හා එහෙනම් දුවවත් අමතක කරපන්.. ඒ වැඩෙත් අමතක කරපන්..” (තාත්තා)
“නෑ නෑ හරි හරි… දැන් උඹ දුව දෙනවා කියන්නෙ ජෝක් නෙවෙයිද එතකොට..?” (අංකල්)
“පිස්සුද බං… මම ජෝක් කරනවද ? සීරියස් කිව්වේ..” (තාත්තා)
“එතනින් එහා එයාලගේ රහස් කතාව මට ඇහුණේ නෑ. මම දිගටම නිදාගෙන
හිටියා. පෙන්නුවේ නෑ ඇහුණ බවක්.. මං ට්‍රයි කළේ මේ සිද්ධිය
අම්මට කියන්න. ඒත් ඊට කලින් මම අංකල්ගේ ගොදුරක් වුණා.
දවසක් අංකල් මගේ බීම එකකට මොනා හරි දාලා තිබ්බා.
එදා තමයි හැමදේම වෙනස් වුණේ… තාත්තා ඒ අංකල්ගේ සල්ලි
ගන්න ඕනෑවට තමයි මේක ප්ලෑන් කරලා තිබ්බේ..”
“කොටින්ම මගේ තාත්තා කියන එකා සල්ලි වෙනුවෙන්
ඕන දෙයක් කරයි. නැත්තම් තමන්ගේ ලෙයින් උපන්න කෙල්ලව
විකුණයිද යාලුවාට..? ඒ අංකල්කාරයා මගේ කන්‍යාභාවය නැතිකළා
මදිවට මට ඩ්‍රග්ස් එහෙමත් පොවලා තිබ්බා. පස්සෙ මම අම්මට විස්තරේ කියලා
වෙනම ඇනෙක්ස් එකක නැවතුණා. අම්මා මේකට මුකුත්
කරන්න අකැමැති වුණා තාත්තාගේ තියෙන බලපෑමට..”
“අන්තිමට මම ඩ්‍රග්ස් හැබිට් වුණා. අම්මා තාත්තා දෙපැත්තේ ඉද්දි
මම ජරා කෙල්ලෙක් වෙලා අංකල් අතින් කිළිටි වෙච්ච මගේ ඇඟ
අහුවෙන හැම එකාටම දුන්නා. මාව මෙතනැට ගෙනත් දාන්න
මුල් වුණේ මගේ යාලුවෙක්. එයා නිසා මම ටිකෙන් ටික රිකවර් වුණා.
අම්මා වියදම් කරලා තිබ්බා මාව ගොඩ දාගන්න.
මට සනීප වුණු ගමන් මාව රට යවයි..”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
