ස්වාමියාව බේරගන්න හිර කූඩුව ලග නිදාගත් ටොමියා
සත්තු කවදාවත් බොරුවට ආදරේ කරන් නෑ කියන්න හොඳම කතාවක් මේ…
මේ කතාව අපිට ආරංචි වුණේ බුලත්සිංහල ප්රදේශයෙන්.
බුලත්සිංහල පොලිසියට පෙරේදා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද පණිවිඩය වූයේ නිවසක පවුල් ආරවුලක් ඇති වී ඇති බවයි.
රාත්රීයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් වහා ක්රියාත්මක වී එම නිවස සොයා ගොස් මූලික විමර්ශන සිදුකර එහි සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව එම පුද්ගලයාට පොලිස් සිරමැදිරියට යන්නටත් සිදුවුණා.
විනාඩි කිහිපයක් ගතවෙද්දී සිරමැදිරිය අසල සුනඛයකු වැතිරී සිටින අයුරු දුටු පොලිස් නිලධාරීන් සුනඛයාව පිටතට එළවා දමන්නට වුණා.
නමුත්,
එළවා දැමුවත් සුනඛයා කාටත් හොර රහසේ යළි යළිත් සිර මැදිරිය අසලටම පැමිණෙන්නට වුණා.
මෙම සිදුවීමෙන් සංවේදී වූ පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ පුද්ගලයා ඇප මත මුදාහරින්නට තීරණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
