රූමත් බිරිද පොලිසියේ නැවතුන සැමියා කරපු දේ
මම – – – – පැත්තෙ වැඩ කරනකොට වෙච්ච සිද්ධියක් මේ..
එදා ආපු ඒ කෙල්ල කියපු කතාවනම් අදටත් මට හිතාගන්න බෑ..
මිනිස්සුන්ට කොහොමත් එක එක විදිහේ කතා තියෙනවා,
මේකත් ඒ විදිහේ කතාවක්…
මචං.. කෙල්ල ඇවිත් අඬන්න ගත්තා ටැප් එක ඇරියා වගේ..
එක දිගට.. අඬනවා ඉවරයක් නෑ. අපිටත් ගෑනු නළවන්න
තේරෙන එකක්යෑ.. අඩලා ඉවර වෙනකන් හිටියා.
පස්සෙ තමා ස්ටෝරි එක දැනගත්තෙ…
කෙල්ල – – – පැත්තේ..
බැඳලා මාස තුනයිලූ.. මිනිහා ගැන බරපතළ කම්ප්ලේන්
එකක් තියෙනවලූ.. ඒකට තමා ඇවිත් තියෙන්නේ.
කෙල්ල හෙන ලස්සනයි. මට හිතෙන්නෙ අවුරුදු
23ක් වගේ වෙන්න ඕනි… මේක්අප් තට්ටුවකුත් දාලා තිබ්බෙ.
මූණ දිලිසෙනවා..
කම්ප්ලේන් එක ලිව්වෙ අපේ පොරක්..
කතාව මෙහෙමයි..
පොඩ්ඩක් නම් ගම් නැතුව ලියපන්…
“සර් අපි බැන්ඳේ මාස තුනකට කලින්. මගේ හබී
එහෙම අවුල් මනුස්සයෙකුත් නෙවෙයි. හැබැයි ප්රශ්නයක් සර්,
මිනිහා බිව්වම සම්පූර්ණ ට්රැක්.. ඒකත් කමක් නෑ කියලා මම
ඉවසගත්තා. හනිමූන් දවසෙත් බීලා පිස්සුවක් නැටුවා.
අප්පරියා වැඩමයි කරන්නෙ සර්.. මෙයාගේ යාලුවොත්
මට කිව්වා බිව්වම කන්ට්රෝල් කරන්න අමාරුයි කියලා..”
“ඒත් මම ඉවසුවා සර්.. ඕන මඟුලක් කියලා..
මොකද මම ආදරේ කරපු නිසා.. ඔහොම කාලයක් ගිහින්
ඒක ඕනවට වැඩි වුණා. මෙයා ජොයින්ට් ද මොනාද ගහනවා.
ඒවා බිව්වට පස්සෙ තවත් පිස්සු වැඩී…
යාලුවෝ කිව්වා තව මොනාද මන්දා ඩ්රග්ස් වගයකුත්
යූස් කරනවා කියලා…”
“සර් පෙරේදා එයා යාලුවෙක් එක්ක ගෙදර ආවේ..
හොඳට ම බීලා. මට යාලුවා පෙන්නලා කියනවා,
මෙයා ඔයාට කැමතියි… මට පේන්න මෙයාව කිස් කරන්න කියලා.
කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇතිද කියලා හිතන්න සර්,
මට මාර කේන්තියක් ආවේ.
අනික ඒ යාලුවත් මිනිහටම හරි යන්න මගේ දිහා
ජරා විදිහට බැලුවා. පස්සෙ සර් හබී මාව ඇදලා අරන්
මගේ නයිටිය ගළවන්නත් හැදුවා.
මම දෙන්නටම කෑ ගහලා යාලුවට කිව්වා
අඩියක් ඇතුළට තිබ්බොත් මරනවා කියලා..”
“අන්තිමට ඒ යාලුවා ගියා.. මට තවත් මේක කරන්න බෑසර්..
මෙයාගේ අම්මලත් මෙයා ගැන වැරදි පිළිගන්න ලෑස්ති නෑ. මම කාවද
විශ්වාස කරන්නෙ..? බැරිම තැන කම්ප්ලෙන් කරන්න තීරණේ කළේ..”
අපි කෙල්ලගේ කතාව අහලා මිනිහව ගෙන්නුවා.
බැනලා අපි කිව්වා ආයේ වැරදි කළොත් ගංජා ගහනවා
කියලා කූඩුවට දානවා කියලා.. පොර බයවුණා.
ඌ එළ පොරක්. නමුත් බිව්වම තමා සවුත්තු…
හැබැයි මිනිහා පස්සෙ කන්ට්රෝල් වුණාලූ…
අපි කිව්වා ගෑනිගෙන් එක කෝල් එකක් ආවත් අපි තමුසෙව
ඇරස්ට් කරනවා කියලා. ඒ මළ පෙරේතයා හෙනට බයවුණා බං..
පස්සෙ ගෑනිට සීන් දාලා නෑ..
මම තේරුම් ගත්තෙ එක දෙයයි..
ඔය ඩ්රග්ස් මිනිස්සුන්ගේ හිත් හෙනට වෙනස් කරනවා.
ඒවා ට ඇබ්බැහි වුණාම උන් කරන දේවල් උන්ටවත්
මතක නෑ. අනික මචං…. ඕවා ඔය පුංචි උන්ට වඩා මහා පැලැන්තියේ
උන් හෙනට යූස් කරනවා..
ඩ්රග්ස් නිසාම අපේ උන් නැතිවෙන දවස වැඩි ඈතක නෑ…!!
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
