බිරිදව ජංගම දුරකථනයක් කල, පහනේ භූතයාගෙන් ඉල්ලූ අමුතුම වර තුන
එක් සුන්දර උදෑසනක, සුරූපී යුවතියක් වෙරළ තීරයක ඇවිද යමින් සිටියා.
හදිසියේ ම ඇයගේ නෙත ගැටුණේ මුහුදු රළ මත ගැටෙමින් වෙරළ තීරයේ වැලි කැට මතට පතිත වූ පහනක් ඇය වහා ගොස් එම පහන අතට ගෙන එහි දැවටී තිබුණූ වැලි ආදිය ඉවත් කිරීම සඳහා එය සෙමින් පිරිමදින්නට වුණා.
ටික වේලාවකින් ඇය විමතියට පත් කරමින් පහන තුළින් දූම වලාවක් මතුවූ අතර, ඒ අතරින් මතුවූයේ භූතයෙක්.
සුරූපී කාන්තාව ඇමතූ භූතයා ඇයට කියා සිටියේ, “අද ඔබගේ වාසනාවන්ත දවසයි… ඔබගේ ජීවිතය සුන්දර කරගන්නට වරම් 5ක් මට ලබාදිය හැකියි! මතක තබාගන්න… ඒ සෑම වරමක්ම ඔබට ඉල්ලා සිටිය හැක්කෙ එක් වරක් පමණයි.. ඒ ඉල්ලන එක් වරමක් හෝ නැවත වෙනස් කළ නොහැකි යි. දැන් ඔබගේ අවස්ථාවයි… ඔබගේ ජීවිතය වෙනස් කරන වරම් 5 ඉල්ලා සිටින්න..!!”
මෙම අනපේක්ෂිත සිදුවීමෙන් උන්හිටි අමතකව ගිය කාන්තාව, ප්‍රීතියෙන් පිනා ගොස් තමා ඉල්ලා සිටින්නෙ කුමක් දැයි කල්පනා කරන්නට වුණා.
ටික වේලාවකට පසුව ඇය පහනින් මතුවූ භූතයාගෙන් අපූරු ඉල්ලීම් පහක් සිදු කරනවා.
ඇය පළමු ඉල්ලීම ලෙස භූතයාට ඉදිරිපත් කළේ, ඇගේ සැමියා ඇය නැතිව කිසිදු ගමනක් යා නොහැකි තත්ත්වයට පත් කරන ලෙසයි.
භූතයා ඇගේ ඉල්ලීම ඔහුගේ ප්‍රාර්ථනා ගොනුවට එකතු කරගත්තා.
ඇයගේ දෙවැනි ඉල්ලීම වූයේ සැමියා සම්බන්ධම ඉල්ලීමක්.
එහිදී ඇය කියා සිටියේ, සිය සැමියාට ඔහුගේ ජීවිතයේ තමා හැර වෙන කිසිවක් වැදගත් නොවිය යුතු බවයි.
භූතයා මෙම ඉල්ලීමෙන් තරමක් වික්ෂිප්ත වුවද එයත් ඔහුගේ ප්‍රාර්ථනා ගොන්නට එකතු කරගත්තෙ, කතාබහකින් තොරවම යි.
“හොඳයි.. දැන් ඔබගේ තුන්වන ඉල්ලීම ඉදිරිපත් කරන්න..!!”
මිල මුදල් යාන වාහන මහා මන්දිර ඉල්ලනු ඇතැයි බලාපොරොත්තුවෙන් භූතයා ඇයට තෙවැනි අවස්ථාවත් ලබාදුන්නා.
ටික වේලාවකට පසු කටහඬ අවදිකළ කාන්තාව, නැවතත් සිය සැමියාම ඉදිරියට ගෙන එමින් කියා සිටියේ, ඔහුට නිදාගත හැක්කෙ තමා ඔහුගේ එක් පසෙකින් ඇලවුණු පසු පමණක් වන ලෙස වරමක් ලබා දෙන ලෙසට යි.
මෙම ඉල්ලීමත් සමඟ පහනින් මතුවූ භූතයාට යන එන මං අමතක වුණ ද, තමා පහනින් මුදාගන්නා තැනැත්තා හෝ තැනැත්තියට අවනත වීම ප්රමුඛ සහ බිඳිය හැකි රාජකාරිය වීම හේතුවෙන් ඇයගේ තෙවැනි අවස්ථාවටත් ඉඩ දීමේ අභ්රපායෙන් එය ඔහුගේ ප්‍රාර්ථනා ගොනුවට ඇතුළත් කරගත්තා.
ඉන්පසු නැවතත්, භූතයා ඇමතූ කාන්තාව ඇයගේ සිව්වැනි ප්‍රාර්ථනාව ඉදිරිපත් කර සිටියා.
මගේ සැමියා උදෑසන නෙත් විවර කළ පසු දැකිය යුතු පළමු දර්ශනය විය යුත්තෙ මමයි.
මෙම ප්‍රාර්ථනයත් සමඟ තවදුරටත් මෙම කාන්තාවගේ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් කලබල නොවීමට පහනින් මතුවූ භූතයා දැඩිව ඉටා ගත්තා.
ඒ, තවදුරටත් ඇයට කරුණු කාරණා පැහැදිලි කර දීමට තරම් සන්සුන් මනසක් පහනින් මතුවූ භූතයාට නොතිබීම හේතුවෙන්.
“හොඳයි ඔබගේ අවසාන ඉල්ලීම ඉදිරිපත් කරන්න.. මතක තබාගන්න… මෙය ඔබගේ අවසාන ඉල්ලීමයි. ඔබගේ ජීවිතේ වෙනස් කරගැනීමට අවශ්‍ය නම් මේ අවස්ථාව පාවිච්චි කරන්න.”
සිතේ කොණක ඉතිරිව තිබුණු තෙතමනය එළිපිටට ගත් භූතයා, මෙම සුරූපී කාන්තාවට කියා සිටියා.
සෙමින් නමුත්, ස්ථිරසාර හඬකින් කාන්තාව ඇයගේ අවසන් ඉල්ලීම ඉදිරිපත් කළා.
“පහනින් මතුවුණු භූතයෝ මගේ අවසාන ඉල්ලීම මේකයි, මගේ ඇඟේ කුඩා සීරිමක් ඇති වුණත් මගේ සැමියා සිහිය විකල් වූ පරිද්දෙන් කෑ ගැසිය යුතුයි..!!”
මෙම ඉල්ලීමත් සමඟ පහනින් මතුවූ භූතයාට සිදුකළ යුත්තෙ කුමක් දැයි යන්න සිතාගැනීමට නොහැකි වුණා.
කෙසේ වෙතත්, ඉතිහාසයක් පුරා තමා බැඳී ඇති බැඳීම් සමඟ ගැටුමක් ඇති කර නොගත යුතු නිසා ඇයගේ අවසන් ඉල්ලීමත් ඔහුගේ ප්‍රාර්ථනා ගොනුවට ඇතුළු කරගෙන සිහින් සිනාවක් පා සුරූපී තරුණියට
“හොඳයි ඔබගේ සියලු ඉල්ලීම් තවත් මොහොතකින් ඉටුවේවී !!”, යනුවෙන් පවසා, අතුරුදන් වුණා.
භූතයා අතුරුදන් වූ සැණෙන් දැකගන්නට ලැබුණේ, එතැන සිටි සුරූපී කාන්තාව වෙනුවට වෙරළේ වැලි කැට අතර දිදුලන ජංගම දුරකතනයක්.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
