කොටින්ම අපේ ගෑනි බලන ටෙලිනාට්‍යයේ නිලිය සර්
මේක වුණේ මීට අවුරුදු දෙක තුනකට කලින්..
ඇත්තටම ඒක ටිකක් විතර අවුල් සහගත සිද්ධියක්.
මම වැඩිපුර ම වාහන දිව්වේ කොල්ලුපිටිය පැත්තේ.
ඒ පැත්තෙ රෑට ටිකක් සෙනඟ වැඩී..
මොකද ස්පා , ගණිකා මඩම් එහෙමත්
බහුල නිසා…
එදා ඔය කියන නිළියත් නැග්ගේ මගේ වාහනෙට.
කොවිඩ් එහෙම තිබ්බ කාලේනේ. ගෑනි මාස්ක්
දාලා හිටියේ. පස්සෙ නැඟ්ග ගමන් මාස්ක් එක ගැළව්වා.
පස්සෙ තමා මගෙන් ඇහුවා ‘මාව අඳුරනවද” කියලා.
මට පිස්සු වගේ. ඒ මම දන්න නිළියක්..
කොටින්ම අපේ ගෑනි නිතරම බලන නාට්‍යයේ නිළිය.
මම ඉතින් හෙන සන්තෝසෙන් කිව්ව විස්තර.
මේකි මොනාද දන්නවද කිව්වේ,
‘මාව හම්බුනා කියලා වයිෆ්ට කිව්වට කමක් නෑ.
හැබැයි වෙන කාටවත් කියන්න එපා’ කිව්වා.
මට ඉතින් ගෑනි කියන මෙලෝ හසරක් තේරුණෙ නෑ.
අපි යද්දි තමා ඒ කිව්ව කතාව හරියට තේරුණේ.
ඒ ගෑනීගේ බෑග් එකේ බියර් තිබ්බා.
ඒ එක්කම මඟදී සිගරැට් පැකට් එකක් පත්තු කළා.
මටත් සිගරැට් තුනක් විතර දුන්නා..
මේ ගෑනී යද්දි ඒ පැකට් එකම ඉවරයක් කළා..
පස්සෙ මඟින් තව කොල්ලො තුන්දෙනෙක් නැග්ගා.
තුන් හතර දෙනා තනිකර කතා කළේ කුනුහරප.
කතා කරපු වචනයක් ගානේ මට ඇහුණා..
මට කෙළින්ම යන්න කිව්වේ හොටෙල් එකකට.
මාත් ඉතින් හැරෙව්වා.
මම බබා නෙවෙයිනේ. මට තේරෙනවා
මුන් යන්නෙ සතුටු සාමිචියේ යෙදෙන්න නෙවෙයි කියලා.
පස්සෙ උන් ගිහිල්ලා එනකන්ම මම වාහනේ
තියන් හිටියා. රෑ 10ට ගිහින් පාන්දර 4ට ආවේ.
හොඳටම බීලා. ගංජා ගහලා. තව මොනා හරිත් අරන්..
කෙල්ලට පණ නෑ ඇඟ.
පස්සෙ ඉතින් මම උන්ව දැම්මා නැවතිලා ඉන්න තැන්වලට.
එක එකාට වෙරි. එකෙක් නිදි… ගෑනි ට නම් හොඳටම
වැදිලා තිබ්බේ…
ඔන්න ඕකයි මම කිව්ව,
අමතක නොවන සිද්ධිය…
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
