සැමියා නැති අතරේ ගෙදරට ආ ලයිට් දැමූ පසු පැන දිවූ ගාලු අවතාරය
ගාල්ල දිස්ත්රික්කයේ කෙළවර පිහිටි තේ වත්තක වතු නිවාසයක පදිංචිවි සිටි ඇය 21හැවිරිදි වියේ පසුවූවා.
ඇයගේ සැමියා මේ දිනවල රාත්රි කාලයේ කෝවිලේ පූජාවකට යන නිසා නිවසේ සිටියේ දරුවා සහ ඇය පමණයි.
මේ අතර ඉකුත් සිකුරාදා රාත්රියේ ද ඇයගේ සැමියා පූජාවට කෝවිලට ගියා …
ඇය නිවසටවි විදුලි පහන් නිවා දමා ඇඳට වැටුනා. ටික වේලාවකදී කළුවරේම ඇයගේ ඇඳට පුද්ගලයකු ගොඩවුණා.
ඇය සිතුවේ සැමියා පූජාව අවසන්ව පැමිණ ඇති බවයි.
වෙනදාට වඩා සැමියාගේ හැසිරීමේ වෙනසක් ඇයට දැනුනත් සැමියා නිසා ඇය ඒ සියල්ලම ඉවසාගෙන සිටියා.
ටික වේලාවකදී ඇය ඇඳෙන් බැස විදුලි පහන් දැල්වූයේ ඇඳට නැංගේ අවතාරයක්දැයි දැන ගැනීමටයි. ඇයට දෙවියන් සිහි වුණේ එවිටයි. ඇය සැමියා යයි සිතා මෙතෙක් වේලා සිට ඇත්තේ යාබද වතු නිවාසයක පදිංචි පුද්ගලයකු සමගයි.
ඒ සමගම එම පුද්ගලයා ද නිවසින් පිටව දිව ගියා.
පසුදින උදෑසන ඇය මෙම සිද්ධිය අසල්වාසීන්ට කීවා.
ඒ අතර සැමියාද ආවා …
සියල්ලන්ගේම ඉල්ලීම පරිදි ඇය පොලිසියට ගියා.
පොලිසිය පරීක්ෂණ ආරම්භ කලා.
සැකකරු 50 හැවිරිදි යාබද වතු නිවසක පදිංචි තිදරු පියකු බවත් ඔහුගේ දරුවන් දෙදෙනකු විවාහවී ඇති බවත් බිරිඳ විදේශ ගතව සිටින බවත් පරීක්ෂණවලදී අනාවරණය වුනා.
පොලිසිය නිවසට යනවිට ඔහු පලා ගොසින්.
උපුටාගැනීමක්
