පොලිස් නිලධාරීන් කානුවට දාගෙන ගිය ලොරි රියදුරුට වැඩ වරදී
යාපනය – නුවර ප්රධාන මාර්ගයේ වවුනියාව, කළුකුන්නම්මඩුව ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට පත්කර පලාගිය ලොරි රථයක රියදුරෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස හඹාගොස් සිය භාරයට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එහි රියදුරු විසින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ අනතුරට පත්කර පලාගොස් ඇති බවයි.
අනතුරට ලක්වූ නිලධාරීන් දෙදෙනා ප්රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හා ලොරි රථය වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
උපුටාගැනීම: හිරුගොසිප්
