දෙවෙනි ඉනිමේ අමීශා හෙවත් අන්ජුලා රාජපක්ශ උතුම් මව් පදවියට, ඡායාරූප 20ක් සමග
අන්ජුලා රාජපක්ශ කියන්නෙ ලංකාවෙ ඉන්න ගොඩක් ප්‍රවීන වගේම දක්ශ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය ගොඩක්ම ජනතාව අතර ප්‍රසිද්ද වුනේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අවන්තගෙ අම්ම එහෙමත් නැත්නම් අමීශා කියන චරිතය හරහායී. ඉතින් තරමක් නපුරු චරිතයක් වුන අමීශට දෙවෙනි ඉනිම බලන සමහර ප්‍රේක්ශකයන් දැක්වූයේ අකමැත්තක්. ඉතින් ඒ අකමැත්තට හේතුව වෙලා තියෙන්නෙ මේ චරිතයට අන්ජුලා රාජපක්ශ විසින් සිදුකරන ඉහල සාධාරනත්වයයි. ඒ කොහොම උනත් අන්ජුලා රාජපක්ශ කියන්නෙ සැබෑ ජීවිතයේදිනම් ගොඩක් නිහතමානී වගේම සරල චරිතයක්. ඒ හේතුව නිසාම අන්ජුලාට තිරයෙන් මෙපිටදීනම් ප්‍රේක්ශක ආදරයෙන් කිසිම අඩුවක් නැහැ. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නිසා වර්තමානයේ ගොඩක් දෙනා ඇය ගැන කතා උනත් ඇය මේ වෙනකොට වෙනත් ටෙලිනාට්‍ය බොහොමයක් සදහා රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ශකයන්ට ඇයව මෑතකදී සිහින සමාගම, සද සහ තරු යන ටෙලිනාට්‍ය හරහාත් දැකගන්නට හැකියාව ලැබුනා.
ඉතින් අපි මේ කතා කරපු අන්ජුලා රාජපක්ශ ගැන ඇගේ රසිකයන්ට සුබ ආරන්චියක් ගේන්න තමයි අපි සූදානම් වුනේ. ඒ තමයි ඇය පසුගිය දවස් වල සිගිති පුතෙකු බිහිකරමින් උතුම් මව් පදවියට පත් වෙලා තියෙනවා කියල අපිට දැනගන්න ලැබුනා. ගොඩක් දෙනා පුදුමයට පත්කරමින් මේ ආරන්චිය මාධ්‍යට හෙලිකරල තිබුනේ දෙවෙනි ඉනිමේ ජනප්‍රිය රංගන ශිල්පී සුදත් ඇන්තනී මහතා විසිනුයි. ඉතින් ඔහු විසින් පලකරපු සටහන සහ අපි කවුරුත් ආදරේ කරන අන්ජුලා රාජපක්ශගේ ඡායාරූප කිහිපයක් පහලින් ඔයාලට දැකබලාගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)