තිදරු මවව නොඑන ගමන් යැවූ අනියම් පෙම
ඇයගේ මරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතියට පත්ව තිබෙනවා.
අනියම් පෙමක් නිසා අකාලයේ ජීවිතයෙන් සමුගත් ඇය ගැන මේ ඇසෙන්නේ බොහෝ දෙනා කම්පාවට පත් කරවන කතාවක්.
බිබිල අඹගොල්ල ගෝනපුරඅරාව ගම්මානයේදී මෙම මස 28 තිදරු මවකගේ ගෙල කපා ඝාතනය කර ඇති අතර, මරණකාරියගේ අනියම් සැමියා ද ගෙල කපාගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි බිබිල පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ අඹගොල්ල, ගෝනපුරඅරාව පදිංචි ඩී.ජේ.ජේ.ඒ චන්ද්‍රිකා ශ්‍යාමලී (40) නැමති තිදරු මවක්.
බිබිල පොලීසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමක් මත එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ සාලය මැද මුලින්ම අතට වැටී සිටි එම කාන්තාව සහ ඊට නුදුරින් වැටී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී කාන්තාව මියගොස් සිට ඇති අතර වැටී සිටි අනෙක් පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ගෙල කපා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා සිටි බැවින් ඔහුව බිබිල මූලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසනවා.
මෙලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ හෙට්ටිපොළ රිට්ටාදෙණිය ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත පදිංචි එස්. එන්. දුමින්ද ප්‍රසාද් කීර්ති (43) නමැත්තෙක්.
සිද්ධිය පිළිබඳව මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන මනතුංග මුදියාන්සේලාගේ කෝෂල හිමරත්න නමැති අය ප්‍රකාශයක් ලබාදුන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක සේවය කර ඇති අයෙක් බවත්, එහිදී මෙම තුවාලකරු සහ තවත් කිහිප දෙනෙකු සමඟ ඩුබායි රාජ්‍යයට ගොස් සිට නැවත පැමිණ ඇති බවටත් කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
රූපලාවණ්‍යාගාරයට අවශ්‍ය ක්‍රීම් මිලදී ගැනීමට යැයි කියමින් මොවුන් ඩුබායි ගොස් පැමිණ මරණකාරියත් ඇගේ අනියම් පුරුෂයාත් මෙම නිවෙසේ නතරවී නැවත කොළඹ යන බවට නිවැසියන්ට පවසා තිබූ බවත් පොලිසිය පවසනවා.
බිබිල ප්‍රාදේශීය සභාවේ රැකියාවක නිරත වූ මරණකාරියගේ සැමියා මෙම මස 28 දහවල් නිවෙසට පැමිණ දිවා ආහාරය ලබාගෙන සිය පුත්‍රයා සහ බිරිඳ සමග බිබිල නගරයට ගොස් පුත්‍රයාව අමතර පංතියකට ඇරලවා නැවත නිවෙසට ගොස් බිරිඳවද ඇරලවා රාජකාරියට ගොස් ඇති බවට හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ.
පසුව මොවුන්ගේ නිවෙසට ආසන්නයේ අයෙක් ඔහුට කතා කොට නිවෙසට පැමිණෙන ලෙසට දැනුම් දීමෙන් ඔහු නිවෙසට පැමිණ ඇති බවත්, එහිදී බිරිඳ සහ දුමින්ද යන අය නිවෙසේ සාලයේ වැටී සිට ඇති බවත් ඔහු ප්‍රකාශයක් දෙමින් සදහන් කර තිබුණා.
බිරිඳ ඩුබායි සිට නැවත නිවෙසට පැමිණ සිටියදී තුවාලකරු විසින් දුරකතන ඇමතුමක් දී “ශ්‍යාමලී එවපන් නැත්නම් උඹව මරනවා” යනුවෙන් මරණකාරියගේ සැමියාට දැනුම් දී ඇති බවත්, පසුව අදාළ පුද්ගලයා සහ බිරියගේ ඡායාරූප කිහිපයක් ඔහුගේ ජංගම ගිණුමට එවා ඇති බවත් පොලිසිය පවසනවා.
ඒ අනුව මරණකාරිය සහ තුවාලකරු අතර පැවැති අනියම් සම්බන්ධතාව හේතුවෙන් යම් සිදුවීමක් නිසා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
මේ අනුව සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ බිබිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
