ඔන්ලයින් ණය ගත් තරුණයාට වැඩ වරදී
ඔන්ලයින් ණය නොගෙවීමේ බියෙන් තරුණයෙක් සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
ඔහු නමින් රාජේෂ්.
වයස අවුරුදු 35ක් වන ඔහු ආන්ද්‍රා ප්‍රදේශයේ පදිංචි අයෙක්.
වාර්තා වන ආකාරයට ඔහු ඔන්ලයින් ණය ලබාදීමේ ඇප් එකක් හරහා ණයක් ලබාගෙන තිබෙනවා.
පසුව ඔහු ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා ඇති නමුත් ණය සමාගම තවත් රුපියල් 10,000 ක් ගෙවන ලෙස රාජේෂ්ට බලපෑම් කර තිබෙනවා.
මේ හේතුව නිසා ණය දෙන ආයතනය විසින් ගන්නා ඇමතුම්වලට ඔහු ප්‍රතිචාර දක්වා නෑ.
මෙයින් කෝපයට පත් ණය සමාගම රාජේෂ් වෙනත් ගැහැණු ළමයෙකු සමඟ අසභ්‍ය ලෙස හැසිරෙන ආකාරය සහ වීඩියෝ ඇමතුමකින් අසභ්‍ය තරුණිය සමඟ කතා කරන ආකාරය ඡායාරූපයක් ගෙන වීඩියෝව ඔහුගේ බිරිඳ වන රතිනකුමාරි වෙත WhatsApp හරහා යැවීමට කටයුතු කරනවා.
මෙය දුටු ඔහුගේ බිරිඳ රාජේෂ් සමඟ ආරවුලක් ඇතිකර ගත් බවයි වාර්තා වන්නේ. එවිට රාජේෂ් තම බිරිඳට පැවසුවේ ණය සමාගමෙන් ගත් ණය නොගෙවූ නිසා ඔවුන් එවැනි ඡායාරූපයක් සහ වීඩියෝ එවූ බවයි.
කෙසේ නමුත් තර්ක විතර්ක අවසානයේ ඇය රාජේෂ් සමඟ අමනාප වී ඇගේ දෙමාපියන්ගේ නිවසට යාමට තීරණය කරනවා.
මෙයින් කලකිරුණු රාජේෂ් ඊයේ උදෑසන සියදිවි හානිකර ගන්නා බවට ජංගම දුරකථනයට පණිවිඩයක් එවා නිවසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැමියා එවූ පණිවිඩය දැක තිගැස්සුණු රතිනකුමාරි ඔහුට කීප වතාවක්ම කතා කතා කිරීමට උත්සාහ ගත් බවත්, රාජේෂ් දුරකථනය නොගැනීම නිසා ඇයට සැක ඇති වී නිවසට පැමිණෙන විට රාජේෂ් ගෙල වැලලාගෙන මියගොස් සිටි අයුරු ඇය දැක තිබෙනවා.
රාජේෂ්ගේ ඡායාරූප එඩිට් කර ඔහුගේ බිරිඳට යවා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
