රටම දන්න ටියුශන් ගුරාගේ පැටිකිරිය
අකුරක් දෙකක් කියාදෙන, අකුරුවලින් ලෝකයක්
හදන්න කියලා දෙන රටක්ම දැන අඳුනන
ගුරුවරු නිසා එයාලට නිතැතින්ම ගෞරවය හිමිවනවා.
හැබැයි…. ඒ ගුරුවරුම මෙහෙම අය කිව්වට
කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ…
ඒත් ඇත්තටම ඒක එහෙම කතාවක්..
කවුරුත් නොහිතන විදිහේ කතාවක්…
මෙතැන ඉඳන් ඒ කතාව කියවන්න ඔබට පුළුවන්..
“සර් ඇත්තටම හොඳට උගන්නනවා. බෙස්ට්ම රිසාල්ට්
හැමදාම සර්.. ගොඩක් කොල්ලො කෙල්ලො ආදරෙයි.
දැන් මේ කතාව කිව්වමත් කවුරුත් විශ්වාස කරන
එකක් නැහැ.. අනේ මන්දා… ඒ තරම් භක්තියයි සර්ට..
මම සර් එක්ක ෆිට් වුණේ දවසක් මට සිද්ධ වුණු
කරදරයක් නිසා… මම යාලුවෙලා බූට් තියපු කොල්ලෙක්
මාව හොයන් ආවා..”
“ඇවිත් ක්ලාස් එක ළඟ පොඩි කලබලයක් වුණා.
ඕක සර්ට ආරංචි වෙලා මාව ගෙන්නුවා. අර කොල්ලවත්
ගෙන්නුවා. අපි දෙන්නටම අවවාද කරලා යැව්වා.
මම හිතුවා ඒක එතැනින් ඉවරයි කියලා. පහුවදා
සර් ආයෙම මාව හම්බෙන්න ඕනි කියලා ආෆ්ටර් ක්ලාස්
නවතින්න කිව්වා.. මාත් නැවතුණා…”
“සර් මට එයාගේ නම්බර් එක දීලා කෝල් කරන්න කිව්වා.
මගේ කේස් එක අම්මලාට කියන්න වෙනවා කිව්වා.
මම එපා කියලා ඇවිටිලි කළා. මොකද මගේ තාත්තා
ආමි එකේ හිටපු කෙනෙක්. එයා හුඟක් සැරයි.
මටයි අයියටයි පොඩි දේටත් ගහනවා බනිනවා.
නීති සැරයි… ඒ නිසා මම සර්ට ඇවිලිටි කළා මේක
කියන්න එපා කියලා…”
“එතකොට සර් කිව්ව දේ දන්නවද?
‘බයවෙන්න එපා පැටියෝ.. මෙච්චරයි මට වෙන්න ඕන..
ඔයයි ඔයාගේ ළඟ ඉන්න යාලුවයි පට්ට ලස්සනයි..
මට මාව පාලනය කරගන්න බෑ ඔයාලාව දකිද්දි..
ඇත්තම කිව්වොත් පට්ට සෙක්සි ෆිගර් එකක්
තියෙන්නෙ ඔයාට… අහන්නකෝ.. මට වෙන මුකුත් එපා.
ඔයා දැන් බයවෙන්න එපා. මම ඔයා එක්ක
සෙක්ස් කරන්න ඉල්ලනවා නෙවෙයි. මට පොඩ්ඩක්
ඔයාගේ බූබ්ස් (පියයුරු) පෙන්නන්න. මට ඒ ඇති…
මම මේ සීන් එක චාටර් කරන් නෑ.. ප්‍රොමිස්..
එතනින් එහා ආයෙ මුකුත් මට එපා..”
“මට ඇත්තටම අප්පිරියා හිතුණා. මම තරහින්
නැගිට්ටා.. ‘චික් සර්.. සර් මෙහෙම කෙනෙක් කියලා
හිතුවේ නෑ..’ කියලා එතැනින් ආවා. එදා ඉඳන් මම ක්ලාස් ගියේ
නෑ. ඒත් සර් මාව චාටර් කරවලා තිබ්බා, මම කොල්ලෙක්
එක්ක නටලා ක්ලාස් එන එකත් නතරකරගත්තා කියලා.
එයා සම්පූර්ණයෙන්ම මාව ගණිකාවක් ගාණට දාලා තිබ්බෙ.”
“මට මේක අම්මලට කියන්නත් බෑ..
යාලුවොන්ට කියන්නත් බෑ. මොකද කවුරුත් ඒ සර්
එහෙම කෙනෙක් කියලා විශ්වාස කරන් නෑ..
ඒ නිසා මම නිහඬව හිටියා.
අද වෙනකන් මම මේ කතාව කාටවත් කියලා නෑ.
හැබැයි ඒ සර්ගේ සීන් දෙක තුනක්ම මම දැක්කා
ඔයාලගේ සයිට් එකේ යනවා. මම කියවද්දිම දැනගත්තා
මේක ඒ සර්කාරයාගේ එකක් කියලා..”
“ඒකයි මම මේ කතාව එවන්නේ..
මේකත් දාන්න… කෙල්ලො පට්ට අසරණ වෙනවා
මේ වගේ වෙස්මාරු කරන් ඉන්න
සත්තු ඉදිරියේ… මම කවදාවත් ඒ මනුස්සයට
ශාප කරන් නෑ. සොබාදහම දඬුවම් දෙයි…”
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
