ගුරුතුමීගේ වදනින් සිසුවාට දෙලොව රත්වෙයි
‘ඔයා හරි ලස්සනයි… සිත ඇදිලා යනවා…” තරුණ උපකාරක පංති ගුරුවරියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව උපකාරක පංතියට යෑමේ පුවතක් කොළඹ දිස්ත්රික්කයේ ජනප්රිය පාසලකින් වාර්තා වෙනවා.
සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඔහු එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරයි.
මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි.
එනිසා පුතා ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්තය.
සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඔහු වෙත ඇදී ගියේය.
ගුරුතුමිය ද තරුණ වියේ පසුවන් අතර ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි.
එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දරුවා දෙස බැලුවාද? නැතහොත් ආදරයක් සිතුනා ද? යන්න ප්රශ්නයකි.
