අනියම් සැමියා සමග එක්ව මල් කැකුලු දෙකකට කල හදිය
මේ ඇසෙන්නේ පුංචි මල් කැකුළු දෙකක් ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්.
ඇය තමන්ගේ දරුවාට මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ අනියම් සැමියා හා එක්වයි.
අඹේවෙල, වර්වික්වත්ත ප්රදේශයේදී අට හැවිරිදි දැරියකට සහ වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවකුට පොලුවලින් පහරදී කෲරත්වයට පත්කළ බව කියන මවක සහ ඇයගේ අනියම් සැමියා අද (20) කැප්පෙටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වර්වික්වත්තේ පහලකොටස පදිංචි මෙම සිඟිති දරු දෙදෙනාගේ 31 හැවිරිදි මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන 35 හැවිරිදි දරුවන් තිදෙනකු සිටින පුද්ගලයකු යැයි පොලිසිය පැවසුවා.
පොලුවලින් පහරදී තුවාල සිදුව කෲරත්වයට පත් වූ මිරහවත්ත ඩයරබා වත්ත පහල කොටසේ පදිංචි 8 හැවිරිදි දැරිය සහ අවුරුදු 2, 1/2 ක් වයස සිගිති දරුවා ප්රතිකාර සදහා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර තිබුණා.
මෙම සිගිති දරුදෙදෙනා මව සහ 38 හැවිරිදි නීතියානූකූල පියා සමග මිරහවත්ත ඩයරබා වත්ත පහලකොටසේ නිවසක පදිංචිව සිට ඇති අතර සැකකරු පියාගේ හොද යැයි ද පොලිසිය පවසනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්..
