හැමදාම අතේ සල්ලි ගැවසෙන්න පර්ස් එකට මේ වෙනස කරල බලන්න
කැමතියිද මාසේ හැම දවසකම අතමිට මුදල් ගැවසෙනවාට.. මේ කියන්න යන්නේ අන්න ඒකට හොඳම දේවල් කිහිපයක්..
පර්ස් එකේ මේ දේවල් තියෙනවා නම් කවදාවත් මුදල් හිඟ වෙන්නේ නැහැ කියලා ඔබ දැනගෙන හිටියාද..?
ලුණු කැට කිහිපයක් තැබීම
කුඩා උරයක දමා ලුණු කැට කිහිපයක් තැබීමෙන් පර්ස් එක තුළ ඇති ඍණාත්මක ශක්තිය ඉවත් වී මුදල් ස්ථාවර වන බව විශ්වාස කෙරේ.
නියමිත ස්ථානයක පර්ස් එක තැබීම
නිවසට පැමිණි පසු පර්ස් එක ඇඳ මතහෝ බිම නොතබා උසින් පිහිටි පිරිසිදු සහ ගෞරවනීය ස්ථානයක තබන්න.
පවුලේ ඡායාරූප ඉවත් කිරීම
පර්ස් එක මුදල් සඳහාම වෙන් කරන්න. පවුලේ අයගේ ඡායාරූප පර්ස් එකේ තැබීමෙන් මුදල් ආකර්ෂණය වීමට බාධා වන බව ඇතැම් මතිමතයන්හි දැක්වෙනවා.
පරණ බිල්පත් ඉවත් කිරීම
ගෙවන ලද බිල්පත්, රීසිපත් හෝ අනවශ්‍ය කඩදාසි පර්ස් එකේ පුරවා තබන්න එපා. ඒවායින් ‘වියදම්’ ශක්තිය නිරූපණය වන බැවින් පර්ස් එක පිරිසිදුව තබා ගන්න.
ප්‍රාර්ථනා පත්‍රයක්
මෙය තැබීම ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය හෝ “මට නිතරම මුදල් ලැබේ” යන වැකිය කුඩා කොළයක ලියා පර්ස් එකේ තබා ගන්න.
එසේම ඔබේ පර්ස් එකේ වර්ණයද මීට ගොඩක් බලපානවා. රතු, රන්වන්, කළු හෝ තද කොළ පැහැති පර්ස් ධනය ආකර්ෂණය කිරීමට වඩාත් සුදුසු බව පැවසේ. විශේෂයෙන් රතු වර්ණය වාසනාව ගෙන දෙන බව විශ්වාස කෙරේ.
උපුටාගැනීම: හිරුගොසිප්
