රෝස මලක් වගේ ලස්සන ඉතාලි කෙල්ලයි අපේ එකයි දෙන්නම අද ජීවතුන් අතර නෑ
රෝස මලක් වගේ ලස්සන ඉතාලි කෙල්ලයි අපේ එකයි දෙන්නම අද ජීවතුන් අතර නෑ 😥
ඉතාලියේ මිලානෝ නුවර ගිය සිකුරාදා වුන අවාසනාවන්ත රිය අනතුරකින් ශ්රී ලංකාවේ මිතුන් සන්දීප් සහ ඔහුගේ පෙම්වතිය වන ඉතාලි ජාතික එලිසා ඩ්රැන්කා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තා. තරුණ වයසේ සිටි කොල්ලට 23යි කෙල්ලට 20 යි 😥. රාත්රියේ සමාජ ශාලාවකට ගොස් ගෙදර යන අතරතුරයි ඔවුන් මේ අනතුරට පත් වුනේ.
අනතුර වෙලා තියෙන්නෙ කලර් ලයිට් රතු පත්තු වෙලා තියෙද්දි කොල්ලා ආපු ස්පීඩ් එකටම නවත්තන්නෙ නැතිව කෙලින්ම දාලා. බයික් එකත් ගන්න දෙයක් නෑ Kawasaki Ninja එකක්. වැදුන වැදිල්ල කොහොමද කියනවා නම් එහා පැත්තෙන් ආපු Taxi එක හැප්පුනයි පෙරලුනයි 😔
අපේ කොල්ලා හැබැයි මේක නම් හිතලම කරගත්ත අනතුරක් වගෙ. පොරගෙ විඩියෝ තියෙනවා කලිනුත් ඔය වගෙ Color Light වල රතු පත්තු වෙලා තියෙද්දි දානවා. පේනවනේ තත්පරේකුත් වැඩියි ඒ වගේ අවදානම් වැඩක් කරලා බේරෙන්න තියෙන අවස්ථාව. පලවෙනි කමෙන්ට් එකේ ඔන්න දාලා තියෙනවා කොල්ලගෙ විඩියෝ එකක් මේ අනතුර වගේම කලින් දවසක රතු පත්තු වෙලා තියෙද්දි කලර් ලයිට් පාස් කරනවා. බයික් එකේ ස්පීඩ් එක 140 Kmph 😲. කොච්චර ශුවර් වුනත් ඉතින් පොඩ්ඩ මිස් වුනොත් සොරි තමයි. නිවන් සුව ලැබේවා ඔබ දෙපලට 💐


