පුතා වෙනුවට හිරේට යන්න වුන දෙමව්පියෝ
අම්මා තාත්තගේ ආදරය ගැන අපිට අමුතුවෙන් වචනවලට පෙරලන්න අවශ්‍ය නැහැ.
අංගුලිමාලට වුණත් එයාගේ අම්මා ගොඩාක් ආදරය කළා.දරුවෙක් වෙනුවෙන් ජීවිතය පුදන්න අම්මා තාත්තලා දෙපාරක් හිතන්නේ නැහැ.
මේ කතාවත් මේ ලංකාවේ සිදුවූණ සිදුවීමක්.මේ අම්මටයි තාත්තටයි ඉන්නේ එකම පුතයි.ආදරය රැකවරණය දීලා හදන මේ පුතා උස් මහත් වෙද්දි ආදර සබඳතාවයක පැටලෙනවා.
ඒ ආදරය ඉහවහා ගිහින් මේ පුතා ඔහුගේ පෙම්වතිය කසාද බඳිනවා.හැබැයි කසාද බඳින්න නිසි වයසක හිටපු නැති මේ ගැහැනු ළමයාගේ දෙමාපියන් පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ බාල වයස්කාර දැරිවියක් රැගෙන ගොස් කසාද බැඳපු නිසා.
මේ සිදුවීමෙන් පසුව මෙම තරුණයා පොලිස් අත්අඩංගුවට ගැනුනත් ඔහුගේ දෙමාපියන් විසින් ඇප මත ඔහුව මුදාගන්නවා.
නඩුව මෙසේ සිදුවෙද්දි පලමු නඩු වාරයට ඔහු පෙනී සිටියත් පසුව උසාවිය මග හරින නිසාවෙන් ඇප තැබූ මව සහ පියා අත්අඩංගුවට පත් වෙනවා.
පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිතය නාස්ති කරගනිද්දී , සිරගතව සිටින පියා ඔහු ගැන මතක් වන මොහොතක් පාසා පවසනවා කියන්නේ ” මොනවා වුණත් ඒ මගේ පුතානේ…” යනුවෙනුයි.
උපුටාගැනීම – අන්තර්ජාලයෙන්
