ක්‍රීඩාවෙන් ඈත් වෙලා මාලි ආදරණීය බිරිද ටාන්යා සමග ගෙවන සුන්දර ජීවිතේ
ලසිත් මාලිංග කියන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයි අන්තර්ජාතිකව ක්‍රිකට් ක්‍රීඩාවට මෑත කාලයේ බිහිවුන ඉතා විශිෂ්ඨ ක්‍රීඩකයෙක් බව හැමෝම අවිවාදයෙන් පිලිගන්නා කරුණක්. පන්දු යැවීමෙන් ඉතා විශිශ්ඨ දස්කම් පෑව මාලිංගගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් අරගෙන එන්න අද අපි හිතුවා.
ඉතින් ඡායාරූප බලන්න කලින් මාලිංග ගැන පොඩි විස්තරයක් අපි කියවල ඉමු. මාලිංග උපත ලබන්නෙ 1983 වසරේ අගෝස්තු මස විසි අටවැනිදායි. මාලිංගගෙ උපන් ගම වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයයි. ඉතින් ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අද්යාපන හදාරන මාලිංග පාසල් අද්යාපනයෙන් පසු 2004 වසරේ ජූලි මස එක්ශින පිටියට පිවිසෙනවා. ඉතින් එතැන් පටන් ක්‍රීඩාවේ ලෝක වාර්තා පවා පිහිටුවීමට මාලිංගට හැකියාව ලැබෙනවා. ලෝක කුසලාන තරගාවලියන්හිදී එක දිගට තරග තුනකදී හැට්රික් කඩුලු තෙවරක්ම ලබාගත් ලොව එකම පන්දු යවන ක්‍රීඩකයා වන්නේද මාලිංගයි.
ඉතින් ලෝකෙ සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසින්ම ගැහැනියක් සිටිනවා කියල කථාවක් තියෙනවනේ. ඉතින් මේ විදියේ සාර්ථක පුද්ගලයෙකු පිටිපස්සෙ තිබෙන සාර්ථකත්වයේ රහස වන්නේ ඔහුගේ ආදරනීය බිරිදයි. ඉතින් මාලිංගගෙ බිරිදගෙ නම තමයි ටාන්යා මිනෝලි පෙරේරා කියල කියන්නෙ. ඇය අද්යාපනය හදාරල තියෙන්නෙ කොලඹ විසාකා විද්‍යාලයෙන් වන අතරම ඉන්පසුව ඇය කාලයක් ආයතනයක කලමනාකරුවෙකු වශයෙන්ද කටයුතු කර තිබෙනවා. ඉතින් ඉතාමත් රූමත් වගේම උගත් ඇය මාලිංගට ඔහුගේ ජීවිතයට ඉතා විශාල අත්වැලක් වූ බවනම් නොඅනුමානයි. ඉතින් ක්‍රිකට් ලෝකයේ දැවැන්තයෙකු වන මාලිංගගේ සුන්දර කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ඔබට පහලින් දැකගන්න පුලුවන්
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)