කතරගම දේවාලයේ කපුමහතෙකු සමග විවාහ වුන භාග්‍යා ගුරුසිංහ දැන් ගෙවන සැප ජීවිතේ – සැමියා දුටුගැමුනු පරපුරේ කෙනෙක්ලු
මීට ටිකකාලෙකට කලින් ටෙලිනාට්‍ය මියුසික් වීඩියෝ වගේම සිනමාපට කිහිපයක පෙනී සිටපු ලංකාවෙ ජනප්‍රිය නිලියක් තමයි භාග්‍යා ගුරුසිංහ කියන්නේ. අපිට මෑතකදීනම් ඇයව රූපවාහිනිය හරහා දැකගන්න ලැබුනේ නැහැ. එයට හේතුව ඇය ඇගේ විවාහයෙන් පසු ක්ෂෙත්රයෙන් තරමක් දුරටඈත් වීමයි. ඇය විවාහවූයේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ පුත්‍රයා වන පියුෂාන් කියල කෙනෙක් සමගයි.
ඒ වගේම වර්තමානයේ දෙදරු මවක් විදිහට ගෘහ ජිවිතයට මුල් තැන දීලා දරුවන් එක්ක සතුටින් කාලය ගත කරන තවමත් බොහෝ දෙනෙකුගේ මතකයේ රැදී සිටින ඇය ගැන අලුත් තොරතුරු ටිකක් අද අපි අරගෙන ආවා.
මේ වනවිට භාග්‍යා දෙදරු මවක්. රංගනයට සමුදීලා දැන් ඇය ගෘහ ජිවිතයට මුල් තැනක් දීලා දරුවන් සමග සතුටින් කාලය ගතකරනවා. භාග්‍යා ජනතාව අතර වැඩියෙන්ම ජනප්‍රිය වුනේ ඔයා නිසා හඬලා ගීතයේ විෂුවල් එකෙන් පස්සේ. ඉතින් දැන් නිලිකම පැත්තකින් තියලා ගෘහනියක විදියට ගතකරන ජීවිතය පිලිබඳ ඇය කියන්නේනම් මේ වගේ කතාවක්. ”මම නිලිකමෙන් අයින්වුනේ විවාහ වෙන්න කලින්. දැන් වසර ගණනාවක ඉදලා නිලියක් විදියට මාව දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් සම්පුර්නයෙන්ම මම රගපෑමෙන් ඉවත් වුනා.” කියලා.
දේවවිශ්වාස මත පදනම්ව භාග්‍යා කෑමබීම ගැන ගොඩක් සැලකිලිමත් වෙනවලු. “අපි දේවාලෙට යනකොට හැමෝම සියයට සියයක්ක් නිර්මාංශයි. මස් මාළු වගේ පිලී ජාති කටේ තියන්නේ නෑ. පුතාලා දෙන්නත් එහෙමයි. ඒ දවස් ඇරෙන්න එහෙම විශේශත්වයක් නෑ. සාමාන්‍ය විදිහට කෑමබීම ගන්නවා. හස්බන්ඩ් මට කියලා තියෙන්නේ ඕනදෙයක් කාල බීල ඔයා කැමති විදිහට ඉන්න කියලා. එයාට මම කොහොම හිටියත් එකයි. එයාට ඕන මම සතුටින් ඉන්න එක විතරයි“ යනුවෙනි.
ඒ වගේම පුතාව දැකපු මුල්ම දවසෙ හස්බන්ඩ් කරපු දේ ගැන භාග්‍යා කියල තිබුනෙ මෙන්න මේ විදියටයි.
එයා එද්දී ගෙදර කහවතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුනා. දුටුගැමුණු පරම්පරාවෙ කෙනෙක්නේ, රජෙක් එනවවගේ ආපුගමන් බබාව අරගෙන ඉම්බා බබත් එකපාරටම හූ කියලා සතුටින් කෑගැහුවා එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ ඇඩුවෙත් නෑ යනුවෙනි.
ඉතින් ඒ වගේම කාලයක් ඔයාලා හැමෝම ගොඩක් ආදරේකරපු ඒ වගේම දැනුත් ගොඩක් දෙනා ආදරේ කරන භාග්‍යා ගුරුසිංහ ගෙවන ජීවිතේ ලස්ස්නම ලස්සන ඡායාරූප කිහිපයකුත් අපි අද ඔයාලට අරගෙන ආවා.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.