WhatsApp හැක් වෙන්න කලින් දැන්ම දැනුවත් වෙන්න.
වට්ස්ඇප් ඔස්සේ කෙරෙන තවත් වංචාවක් පිළිබඳව පැමිණිලි වාර්තා වෙමින් අතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් අද(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
මොකක්ද මේ අලුත් වංචාව?
වංචාව සිදුවෙන්නේ මුදල් ඉල්ලා එන වට්ස් ඇප් පණිවිඩයකින්.
මේ පණිවිඩය එන්නේ හදුනන අයෙකුගේ වට්ස් ඇප් ගිණුමකින්.
මුදල් හදිසියක් ලෙස පෙන්වා කිසියම් මුදල් ප්‍රමාණයක් ගිණුම් අංකයකට එවන ලෙස ඉල්ලා මෙම පණිවිඩය යොමු වේ.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ අද(28) දිනය වනවිට ඔවුන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි 4 ක් ලැබී ඇති බවයි.
චාරුක දමුණුපොල – ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
” WhatsApp කෙටි පණිවිඩ සේවාව පාවිච්චි කරනව නම් ඔබට පණිවිඩයක් දැන් එන්න පුළුවන් ඔබගේම contact list එකේ සිටින පුද්ගලයෙකුගෙන් යම්කිසි මුදලක් ඉල්ලා සිටලා.
ඉතින් මෙහි දී ගොඩක් වෙලාවට මේ මුදල ඉල්ලා සිටින්නේ තමන් දන්න කෙනෙකුගේ නිසා බොහෝ වෙලාවට ඔබ පෙළඹෙනවා මේ මුදල් ලබාදීමට.
ඉතින් මෙහි දී ඔබ මතක තබාගත යුතු කාරණය වන්නේ බොහෝ වෙලාවට මේ WhatsApp ගිණුම ඔස්සේ ලැබෙන මේ පණිවිඩය අදාළ පුද්ගලයාගේ ගිණුම hack වීමට ලක්වීම නිසා සිදුවන අවස්ථාවක් වෙන්න පුළුවන්.
එහි දී බොහෝ වෙලාවට ඔබ විද්‍යුත් වෙනත් ක්‍රමයක් ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනීමකින් තොරව එවැනි මුදල් ලබා නොදෙන්න ලෙස අපි බොහෝ වෙලාවට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙහි දීWhatsApp hack වීමක් දක්නට ලැබෙනවා බොහෝ පිරිස්ගේ තමන්ගේ නොදැනුවත්කම නිසා මේ OTP එක WhatsApp register වීමේ දී ලබාදෙන OTP එක සමහර වෙලාවට වෙනත් බාහිර පාර්ශවයකට ලබා දීම හේතුවෙන් තමයි මේ whatsapp hack වීම සිදුවෙන්නේ මූලික අවස්ථාවේ දී.
ඉතිං එම hack වීමෙන් පස්සේ බොහෝ වෙලාවට එම සයිබර් අපරාධකරුවන් විසින් ඒ WhatsApp ගිණුම් සම්බන්ධව තියෙන contact ලැයිස්තුවේ සිටින පුද්ගලයන් වෙත පණිවිඩ යවා ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීමේ සිදුවීම් තමයි වාර්තා වෙන්නේ”
වංචාවට හසුවූ අයගේ අත්දැකීම කුමක්ද?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහ්මාන් මහතාගේ වට්ස් ඇප් ගිනුම යොදාගෙන අද(28)පෙරවරුවේ මුදල් ඉල්ලා පණිවිඩ කිහිපයක් යොමුවී තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අද(28) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය.
මුජිබර් රහුමාන් – කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක
සමගි ජන බලවේගය
” මගේ අංකය මාර්ගයෙන් මගේ වට්සැප්වල ඉන්න සියලුම මගේ හිතවතුන්ට ඔහු යවලා තිබෙනවා මා යවන විදියට මුදල් ඉල්ලලා.
ඒවගේම ගිණුම් අංක දෙකක් ලබා දීලා තිබෙනවා.
මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි මම මේක දැනගත්තේ.
ඉතින් මම මේ සම්බන්ධව ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා වහාම මේ සම්බන්ධ විභාග කරලා, ඉතා ඉක්මනින්ම කඩිනමින් පියවර ගන්න කියලා.
මොකද? මේක ඉතාම බරපතළ තත්ත්වයක්.