බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක් යටකර පලාගිය සැරයන්ට වැඩ වරදී
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
කළුතර කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතා ගේ අත්සනින් එකී වැඩ තහනම ඊයේ (06) දින සිට ක්රියාත්මක වන පරිදි නියෝගය පලකර ඇති බව සදහන් වේ.
අදාල සැරයන් වරයා පසුගිය ඔක්තෝබර් 22 දින රාත්රි 7 .30 ට පමණ නාර්තුපාන ප්රදේශයේ දී බීමත්ව සිය යතුරු පැදියෙන් යමින් සිටියදී දෙදරු මවක යටකට පලාගොස් ඇති බවට තහවුරු වීමෙන් පසු මෙසේ වැඩ තහනමට ලක්කර තිබෙන බව පොලිස් අධිකාරි කාර්යාලය සදහන් කරයි.
එකී සැරයන් වරයා බීමත්ව රිය පැදවීම, අනතුරක් සිදුකර පලායාම සහ වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව රිය ධාවනය කිරීම යටතේ මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැර ඇති බවද පොලිසිය සදහන් කරයි.
පානදුර සුමිත් පොතුපිටිය
උපුටාගැනීම:අරුණ වෙබ්පිටුව