මම අද Dinesh Wijewardana මගේ හදවතේ යාලුවා ගැන පෝස්ට් එක දානකොට ඊශ්රායල් 🇮🇱 වෙලාවෙන් පාන්දර 2.10 වගේ වෙලා,ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් පාන්දර 4.30 විතර වෙලා.ඒක අනුමානයක් විතරයි.මොකද මම ජොබ් එක කරලා ඇවිත් මහන්සියට නින්ද යනවා.ඊට පස්සෙ මම පැය 2කින් වගේ ආයෙ වැඩට ගියා.ගිහින් ආවෙ පැය 8 කින්,ආවම පෝස්ට් එක වයිරල්.මේ පෝස්ට් එකේ හැමෝම අහලා තියෙන දේවල් වලට උත්තර දෙන්න අමාරුයි මට,FB page වල දාලා තියෙන දේවල් දැක්කම මටම කල කිරුනා.යකුනේ දකින දකින හැම දේම ශෙයාර් කරන්න එපා.page කාරයො කියන්නෙ Reach ගන්න දඟලන උන්,උන්ට සල්ලි කීයක් හරි දුන්නම ඕනිම කෙනෙක්ගෙ කුණු වහනවා.මගේ පුංචි කාලෙ ඉඳලා යාලුවා ඌ.උගෙ අම්මා,නංගි,මල්ලි මට නිතර දෙවේලෙ පාරෙ හම්බවෙන මිනිස්සු.දැක්ක තැන හිනා වෙලා කතා කරන මිනිස්සු.උගේ තාත්තත් මීට අවුරුද්දකට කලින් නැති වුනා.ඌට ඇති අයියෙක් නෑ.උඹලා මේ වගේ කතා කොහොම හදාගත්තද කියලා මටනම් හිතාගන්නවත් බෑ.ඌ කොරියාවෙ ඉඳලා ආවම ඔය Suicide කරගත්තු ගෙදර තමයි ඉන්නෙ.ඌට ඕනි කොල්ලො එක්ක කාලා බීලා ඉන්න.ඌ සල්ලි පොදි ගැහුවෙ නෑ.දෙමව්පියන්ට,සහෝදර,සහෝදරයින්ට සලකලා කොල්ලො එක්ක කෑවා බිවුවා.හැමදේම කලේ ඔය ගෙදර,ඔය අම්මා මහ ගෙදර ඉඳලා කෑම එක උයාගෙන 800 m වගේ පයින් එනවා.කෑම එක දෙන්න.ඒ තරම් ඔය අම්මා ඌට ආදරෙයි.උඹලට යකෝ හිතන්නවත් පුලුවන්ද ඔය අම්මා ඌව බදාගෙන අඬන විදියට,ඒ අම්මා ඌට වැරැද්දක් කරලා ඇති කියලා.ඌ කොරියාවෙ ඉන්න අතරතුර උගේ කුරුඳු ඉඩම සුද්ධ කරනවා.කැලේ වැවුනම,මගේ ගෙදර ඉස්සරහා ඉඩම තියෙන්නෙ.මම ඒ අම්මාව දැක්කම ඒ අම්මා කියනවා පුතේ මධූට කියන්න එපා කියලා එයා ඉඩම සුද්ධ කරනවා කියලා.ඌ බනිනවා කියලා.මහන්සි වෙනවා කියලා.එහෙම අම්මා කෙනෙක් බොලව් ඔය,ඔය බොරු පෝස්ට් ශෙයාර් කරන්න තියා බලන්නවත් එපා උඹලගෙ ඇස් අන්ධ වෙයි.සමහර පේජ් වලින් ගෑනිව අප් කරලා ආදරෙන් දාපු කමන්ට් උඩ අරන් ඒකිට හෑලි ලියන උන් දාලා තිබ්බා.ඒකිත් මේ ප්රශ්නත් එක්ක ඒකිගෙ වැරැද්දක් නැතුව විවෙචනය වෙලා Suicide කර ගනියි කියලා.එතකොට අර අම්මාට මොනවද හිතෙන්නෙ කසාද මනුස්සයා නැතිවෙලා මහ කාලයක් ගියෙ නෑ.තමන්ගේ තුරුලේ හදලා,හුරතල් කරපු ඒ දරුවා මෙහෙම කරගත්තම.පවුල් ජීවිතේ ප්රශ්න වෙනවා.උපරිම ඉවසනවා වෙන්න පුලුවන්.ඒත් ඌ ලෝකෙට පේන්න තමන්ගේ ගෑනිගේ බිස්නස් එක ප්රමෝට් කරලා.ඒකිව උඩ තියලා.ඒ ගෑනි ගැන විශ්වාස කලා.සැපේදි වගේම,දුකේදි අනිවාර්යෙන්ම තමන්ගේ එකා ගාව ඉන්න ඕනි.මට මේ පෝස්ට් එකට කොච්චර මඩ ගැහුවත්,මාව විවේචනය කරත් කමක් නෑ.මට ඌ නැති වුනා.අන්තිම කාලේ මට පොඩි කාලෙ වගේම ඌව ආශ්රය කරන්න බැරි වුනා.ඒකට හේතුව උගේ සල්ලිවලට,අරක්කු වලට යාලුවෝ ඕන තරම් හිටියා.මම ඒ දේවල් පස්සෙ ලොකුවට ගිය මනුස්සයෙක් නෙවෙයි.මම කියන්නෙ නෑ උගේ හැම යාලුවෙක්ම අවස්ථාවාදි උන් කියලා.ඒත් ඒ මිනිස්සු කවුද කියලා ඒ මිනිස්සු දන්නවා ඇති.ඒත් මම හිතන්නෙ නෑ මට මේ කතා කරලා කිවුවා වගේ තව එකෙක්ට උගේ හිතේ තියෙන දේ කියන්න ඇති කියලා.කියලා තියෙනවනම් මේ පෝස්ට් එකට කමන්ට් එකක් දාපල්ලා,නැත්නම් ඉන්බොක්ස් වරෙල්ලා.අනික මට කතා කරලා කියපු දවසේ ඌ ඔය දේම කරගන්නවා කියලා මට කිවුවා,ඊට පස්සෙ තමයි උඹ නිසා මගේ ඔලුව නිදහස් වුනා K-D කියලා කිවුවෙ.මම ඊශ්රයල් ඇවිත් තවම මාස 2ක් වගේ වෙන්නෙ.මම මෙහේ ජොබ් එක කරද්දි ගොඩක් Busy.ඇත්තටම මගේ ෆෝන් එක දිහා බලන්න මට හිත නෑ.ඒ තරම් හෙම්බත් වෙලා මම Room එකට එන්නෙ.ඉතින් මට මගේ වැඩත් එක්ක උගෙ පස්සෙ හැම නිතරම ඉන්න බැරි වුනා.ඒත් මං පුලුවන් වෙලාවට මැසේජ් එකක් හරි දානවා.හැමදේම කියලා තේරුම් කරලා.හරි මචෝ කියලා මට ඔලුව නිදහස් වුනා කියන මනුස්සයා මෙහෙම කරගනියි කියලා මම හිතනවද???? මේ පෝස්ට් එකේ තියෙන screen shot එක බලපල්ලා.කොරියාවෙන් Deport වෙලා ඇවිත් දවස් 4-5 ක් ඇති මේක දාලා.ඒත් පහුවදා උදේ වෙද්දි පෝස්ට් එක ඩිලීට්.මම මේ screenshot එක ගහගෙන තියාගත්තා.මම දන්නේ නෑ ඒකට හේතුව සමහර විට දෙවියන් විසින් මාව ඒ දේ කරන්න පොලඹවන්න ඇති මොකද අද මෙහෙම දෙයක් නැතිවුනානම් අර අම්මට සහෝදර,සහෝදරියන්ට හෙන ඉල්ලනවා.රටේ,ලෝකෙ උන්…ඉන්න තැනක සතුටින් ඉඳපං ආයෙ මේ ලෝකෙට එන්නත් එපා බං.මේක අපායක් බං.ඉන්න තැනක සතුටින් ඉඳපන් මධුවා.මම තවම shock වෙලා ඉන්නේ ගොඩක් මැසේජ් කෝල් එනවා.විස්තර අහන්න.ඒත් මට ඕවා ආන්ස්වර් කරන්න බෑ.මොකද ඕකම හිතලා හිතලා මම තවත් මානසිකව වැටෙනවා…