කොස් ගසෙන් වැටුණු සිසුවා දින 52කට පසුව රෝහලේදී ම රු ට
කොස් කැඩීමට ගසට නැඟ ඉන් බිමට වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුවූ 14 වියැති පාසල් සිසුවකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (07) ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිසුවා ගසෙන් වැටී ප්‍රතිකාර ලබමින් සිට සිද්ධියෙන් දින 52කට පසුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. පොල්පිතිගම කොට්ඨාස අධ්‍යාපන කලාපයට අයත් මොරගොල්ලාගම, කඩවල විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිසල් නිම්සර පතිරත්න නැමැති පාසල් සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත් විය. මෙම ශිෂ්‍යාගේ මව ගෘහසේවිකාවක් ලෙසින් විදෙස්ගත වී ඇත.
පොල්පිතිගම – නන්දන කැලේගම
Dinamina