බාල එන්නත් සිදුවීමට පසුගිය රජයේ අමාත්‍යවරු 18කගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග
මේ අතර බාල එන්නත් ගෙන්වූ සිදුවීම සම්බන්ධයෙන් සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා තවදුරටත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාගරගත කරන ලෙසද මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කොට තිබෙනවා.
බන්ධනාගාරය විසින් සැකකරු අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ.
මේ සිද්ධිය සම්බ්නධයෙන් එවකට කටයුතු කළ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට දැන්වුවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,සෞඛය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඇතුළු සැකකරුවන් පිරිසක් මීට පෙර ඇප මත මුදා හැර තිබෙනවා.