සිරමැදිරියේ සූදු කෙලීමට ඉඩදුන් ස්ථානාධිපති ඇතුලු තිදෙනෙකුට වැඩ වරදී
සිර මැදිරියේ සූදූ ක්‍රිඩාවට ඉඩදුන් ස්ථානාධිපති ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට
අනුරාධපුර – තලාව ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාව කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවයි.
ස්ථානාධිපතිවරයාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සාජන්වරයෙකු සහ කොස්තාපල්වරයෙක්.
ප්‍රදේශයේ සූදූ ක්‍රිඩාවේ නිරතවීමේ සිද්ධියකටම අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
කෙසේ වෙතත්, ඔවුන් පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රිඩාවේ නිරත වන අයුරු කිසියම් පුද්ගලයෙකු වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
උපුටාගැනීම: හිරු වෙබ්පිටුව