ණයට දුන් රුපියල් 2000 වෙනුවට එක්දරු මවට ගෙදරට කතාකල හැටපහේ මාමාට පාඩමක්
කෑගල්ල ප්රදේශයේ ග්රාමයක මාස 08 ක් වයසැති දරුවෙකු සිටින 21 හැවිරිදි එක්දරු මවක් පදිංචිව සිටින්නීය.
මෙම මව පදිංචිව සිටින්නේ 27 හැවිරිදි සැමියාගේ මව සහ මාම සමගය. ඇගේ සැමියා කොළඹ ප්රදේශයේ රැකියාවක් කරන අතර මසකට වරක් නිවසට පැමිණෙන්නේය.
මෙම මව මසකට වරක් සිය ගම් ප්රදේශයට පැමිණෙන ලොරි රථයකින් දරුවා තැබීමට යැයි පවසා මීට මාස කිහිපයකට ඉහතදී මෙට්ටයක් ගෙවීමේ පදනම මත ලබා ගත්තාය.
ඇයට මාසයකට මෙට්ටයට ගෙවීමට තිබුණේ රුපියල් 2000 කි. මෙට්ට ලොරි රථය පැමිණෙන දිනය ළං වෙමින් තිබුණි.
ලොරි රථයට රුපියල් 2000 ක මුදලක් ලබා දෙන්නේ කෙසේද? සැමියා පැමිණීමටත් තව සතියක් පමණ කල් ඇති බවත් රුපියල් 2000 ක මුදලක් අත නොමැතිව එක්දරු මව කල්පනා කරන්නට වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගෙන් ද එක්දරු මව හුවමාරුවකට රුපියල් 2000 ක් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ලබා දී නොතිබුණි.
දිනක් නිවස ඉදිරිපිට ඇති මාර්ගය දිගේ ගමන් කරමින් සිටින බිරිඳ විදේශ රටක රැකියාවක් කරන මුනුපුරු මිනිපිරියන් හත් අට දෙනෙකු සිටින 65 හැවිරිදි මාමා කෙනෙකුගෙන් රුපියල් 2000 ක් සැමියා පැමිණි විගස ලබා දෙන බව පවසා බැගෑපත්ව එක්දරු මව දරුවා වඩාගෙන ඉල්ලා සිටියාය.
තමන්ගේ දරුවන්ටත් වඩා බාල එක්දරු මවගේ ඉල්ලීම ඇසූ 65 හැවිරිදි මාමා කමිසයේ සාක්කුවට දකුණු අත දමා රුපියල් දාහේ කොළ දෙකක් 21 හැවිරිදි මව අත තැබුවේය.
” අනේ මාමේ ගොඩක් පිං සිද්ධ වෙනවා මාමාට. මහත්තයා ආපු ගමන්ම මාමාගේ සල්ලි ටික මම ඉක්මනටම ගෙදරටම ගෙනත් දෙන්න කියන්නම් කෝ”යැයි 21 හැවිරිදි එක්දරු මව සිනාමුසු මුහුණින් පැවසුවාය.
මෙට්ට ලොරි රථය පසු දින පැමිණියේය. එක්දරු මව දරුවාත් අතැතිව ලොරි රථය අසලට දිව ගොස් රුපියල් 2000 ක මුදලයි කාඩ්පතයි කළමනාකරු අතට දී මාසික වාරිකය පියවා දැම්මාය.
රුපියල් 2000 ක මුදල දුන් 65 හැවිරිදි මාමා පසු දින 21 හැවිරිදි මවගේ නිවසට පැමිණියාය. නැන්දම්මත් මාමාත් එකී මොහොතේ නිවසින් බැහැරව ගොස් තිබුණි.
නිවසේ සිටියේ 21 හැවිරිදි මවත් ඇගේ මාස 08 ක් වයසැති දරුවත් පමණි “දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 ක මුදල ආපසු මට එපා. ඒක ඔයා තියාගන්න. පුළුවන් නම් දරුවා ගෙදර තියලා අපේ ගෙදර මිනිත්තු කිහිපයකට ඇවිල්ලා යන්න. අපේ ගෙදර කවුරුත් නෑ” යැයි 65 හැවිරිදි මාමා සිනාමුසු මුහුණින් පවසා නිවසින් පිටව ගොස් තිබුණි.
21 හැවිරිදි මව තමාට මුහුණ දීමට සිදු වූ සියල්ල මොහොතකට පසුව නිවසට ආ නැන්දම්මාටත් සීයාටත් පැවසුවාය.
වරෙන් කෝ ආයේ මේ පාරෙන් යන්න යැයි සිතූ නැන්දම්මා සහ සීයා පසු දින යළිත් රුපියල් 2000 ක මුදල දුන් සීයා ඇගේ නිවසටම පැමිණියේය.
මොකට ද බොල ඊයේ ලේලියට මිනිත්තු කිහිපයකට උඹේ ගෙදර එන්න කිව්වේ යැයි පවසා දර ලීයකින් පහර කිහිපයක් නැන්දම්මා එල්ල කළාය.
පසුව 65 හැවිරිදි මාමා යන්න ආ ගමන පසෙකලා ගෙදර බලාම දිව ගියේය. දින කිහිපයකට පසුව 21 හැවිරිදි මවගේ සැමියා නිවසට පැමිණියේය. සියල්ල ඈ තරුණ සැමියාට කීවාය. ඔහු ද පසු දින නිවසට ගොස් රුපියල් 2000 ක මුදල දී හොඳ වචනවලින් සංග්රහ කර ඇතැයි වාර්තා වෙයි.