මහ වැවක් කැඩී ගොස් පළාතක්ම යට වෙයි
වව්නියාව ඔිමන්ත මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ඇති වූ ජලගැලීම් නිසා පහත් බිම්හි පිහිටි කුඹුරු අක්කර 100 කට ආසන්න ප්රමණයක් සම්පූරණයෙන්ම යටවී ඇතැයි ප්රදේශවාසී ගොවීහු පවසති.
අද (26) උදෑසන වන විටත් වව්නියාව දිස්ත්රීක්කයට ඇදහැලෙන ධාරාණිපත වර්ෂාව හේතුවෙන් සමන්ය ජනජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර තත්වයක්ද ඇති වීමේ අවධානමක් පවතින බවට වව්නියාව ආපදාකලමනාකරන ඒ්කකය දැනුම් දෙයි.
මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩීයාම හේතුවෙන් වැවේ ජලය පහත්බිම් වෙතට ගලාගොස් ගංවතුර තත්වයක් ඇතිවීම වැලක්වීම සඳහා මේ වන විටත් ආපදාකලමනාකරන ඒකක නිලධාරීන් සමග යුදහමුදා නිලධාරීන් විසින් වැව් බැම්ම කැඩී ගිය ස්ථානය පිළිසකර කිරීමේ උත්සහයක නිරතව සිටිති.
වැලිකොට්ට දමා වැව් බැම්ම කඩි ගිය ස්ථානය තාවකාලිකව පිළසකර කිරීමට දැඩි උත්සහයක නිරත වන අතරම පවතින අධික වර්ෂාව හේතුවෙන් එයට දැඩි බාධවන් ඒල්ල වී ඇතැයි යුදහමුදව පැවසීය.
කෙසේ වෙතත් පපවතින තත්වයන් හමුවේ පහත්බිම්වල ජීවත්වන ජනතවට මේනම ගොවිතැන කරන ගොවීන් හටද සැලකිලිමත්ව සිටින ලෙසටද ආපදා කලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංක
Lanka C news