කැළඹුණු කාලගුණයේ අලුත්ම තත්ත්වය මෙන්න
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12ක් මියගොස් තවත් එක් අයෙක් අතුරුදන්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය අද (28) ප.ව. 4ට නිකුත්කරනු ලැබූ යාවත්කාලීනකිරීම අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24හිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 227කට මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබෙනවා.
මේ වනවිට පවුල් 120,534කට අයත් පුද්ගලයන් 401,707ක් ආපදා බලපෑමට ලක්ව සිටිනවා.
ඒ අනුව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 345ක් මේ වනවිට ඉදිකර ඇති අතර, එහි පවුල් 11,663කට අයත් පුද්ගලයන් 36,330ක් රැඳී සිටින බවද මෙම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම තවත් පවුල් 28,324කට අයත් පුද්ගලයන් 94,134 දෙනෙකු ඥති නිවාසවල සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Monara