පොල් ප්රශ්නය නිමා කිරීමට ගතවත කාලය හෙළිකරයි.
පොල් ප්රශ්නය විසදන්නේ මාස හයක් ඇතුලත..- පොල් මණ්ඩලය..
වෙළඳපළේ පොල් මිල මේ වන විට සීග්රයෙන් ඉහළ යමින් පවතියි.
ප්රදේශ කිහිපයකම පොල් ගෙඩියක් රුපියල් 180-200 අතර මිලක අලෙවි වෙමින් ඇත.
ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 220 දක්වාද මිල නියම කර තිබේ.
පොල් අපනය හා වගාවට එල්ල වී තර්ජන හමුවේ පොල් ගෙඩි බිලියනයක පමණ අසැවැන්නක් අඩුවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති සමන් දේවගේ මහතා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් රජයක් ලෙස ඉදිරි මාස හය තුළ මෙම ප්රශ්නය විසඳීමට බලාපොරොත්තු වෙන බවයි.