බෙංගාල බොක්ක යලි කැළඹෙයි ලබන සතියේ සිට පළාත් කිහිපයකට තද වැසි.
උතුරු, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය ලබන සතියේ සිට යළිත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අනාවැකි අංශයේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඇතිවන කැළඹිළි ස්වභාවයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවයි.