රනිල්ගේ IMF ගිවිසුම කරගෙන යන ආණ්ඩුවට සජිත්ගෙන් රතු එලියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුම වත්මන් ආණ්ඩුව ද අඛණ්ඩව පවත්වාගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ හරහා, ණය කප්පාදුව වෙනුවට අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක අමතර මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මීගමුවේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.
සමඟි ජන බලවේගයේ පාක්ෂික හමුවක් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් මීගමුවේදී පැවැත්වුණා.