ඕස්ට්‍රේලියාවේදී ලමුන් ඉදිරිපිට බිරිඳ නොඑන ගමන් යැවූ ලංකාවේ සැමියාට වැඩ වරදී
ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුකර තිබේ.
එසේ සිරදඬුවම් නියම කෙරුණේ දිනුෂ් කුරේරා නම් 47 හැවිරිදි පුද්ගලයෙක් ට වන අතර එම කුරිරු ඝාතනය පිළිබඳ තොරතුරු ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි.
විනිසුරු අමන්ඩා ෆොක්ස් පැවසුවේ කුරේරා ට සමාව දීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව බවයි.
මීට වසර 2කට පමණ පෙර කුරේරා විසින් පොරොවකින් පහරදී සිය බිරිඳ වන නෙලෝමී පෙරේරා ව ඝාතනය කර තිබුණි. එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය.
සිය සැමියාගෙන් වෙන්වීම සඳහා ඇය සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.