Author
Posts by Dush Priyankara:
අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි?
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජනාධිපති අනුර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වනු ඇති බවට වාර්තා පළවෙයි. ඒ අනුව එම පක්ෂයේ නව නායකයා ලෙස බිමල් රත්නායක මහතා පත්වනු ඇතැයිද සදහන්ය. වසරකට හෝ දෙකකට පසු ටිල්වින් සිල්වා මහතාද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වී එම දුරයට විජිත හේරත් මහතා පත් කරනු ඇති බවද පැවසෙයි. […]
බස් රථයක් ප්‍රපාතයකට පෙරලේ.දෙදෙනෙක් ම රුට විශාල පිරිසට තුවාලයි
මාතලේ, එළවනාකන්ද ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථය අඩි 40ක ප්‍රපාතයකට පෙරළී ඇති බවයි. කොළඹ සිට වස්ගමුව වනෝද්‍යානය නැරඹීමට විනෝද චාරිකාවක පැමිණි පෞද්ගලික සමගාමක පිරිසක් අනතුරට ලක්ව ඇත. තුවාල ලැබුවන් විල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය.
ජනපති අනුර ඝා තනය කිරීමට පැවැති සැලැසුම හෙළිවෙයි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට උත්සහා කළ අවස්ථාවේදී තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කිරීමේ සූදානමක් ක්‍රියාත්මක වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, 35 වන ඉල්මහ විරු සමරුවට එක්වෙමින්. “අපේ අරමුණුවලට බයයි. දේශපාලකයා මහජනතාවගේ ධනය නාස්ති කරන, විනාශ කරන තැන සිට දේශපාලනය මහජන සේවයක් දක්වා ගමන් කරනවාට ඔවුන් බයයි. […]
රටම නොඉවසිල්ලෙන් බලා ඉන්න ප්‍රථම ඡන්ද ප්‍රතිඵල මෙන්න
ආරංචි මාර්ග සදහන් කරන්න් පළමු ඡන්ද ප්‍රතිපලය මාලිමාව ජයග්‍රහණය කර ඇති බවයි. ඒ 55% වඩා වැඩි ප්‍රතිශතයකින්.එමෙන්ම මැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10ට ආසන්නව නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසන්නේ තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර […]
ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී ම රුවා හරස්වෙයි
පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය දැමීමට දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශයේ බලා ත්‍රීරෝද රථයේ යමින් සිටියදී මොරගහහේන ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටී අද (12) දහවල් සිදුවූ අනතුරක් සිදු වී තිබෙයි. මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මොරගහේන පොලිසිය කියයි අනතුරින් මියගොස් ඇත්තේ මිද්දෙණිය කුඩු ගල්ආර […]
මැතිවරණ රජකාරියේ යෙදී සිටි තිදෙනෙකු ජීවිතක්ෂයට
මැතිවරණ රාජකාරියේ අනියුක්ත කර සිටි ස්ථානාධිපතිනියක් හදිසියේ රෝගී වී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මඩපාත පොල්හේන සිරි සඳහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය බවයි කැස්බෑව පොලීසිය පැවසුවේ. මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාව සිදු කරන පයාගල, ඉඳුරුවගොඩ ප්‍රදේශයේ 48 හැවිරිදි පදිංචිකාරියක්. අදාළ කාන්තාව ඊයේ […]
අශේන් ගැන CID විමර්ෂණයක්.ප්‍රශ්ණ කරන්න ගෙන්වයි
ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි. ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා […]
මේ වන විට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරයි
අදාළ ප්‍රතිශතයන් පහතින්. ගම්පහ දිස්ත්‍රික්කය – 40% නුවරඑළිය දිස්ත්‍රික්කය – 40% මහනුවර දිස්ත්‍රික්කය – 30% මාතර දිස්ත්‍රික්කය – 34% කෑගල්ල දිස්ත්‍රික්කය – 32% මඩකලපුව දිස්ත්‍රික්කය – 32% පුත්තලම දිස්ත්‍රික්කය – 30% බදුල්ල දිස්ත්‍රික්කය – 41% රත්නපුර දිස්ත්‍රික්කය – 35% අම්පාර දිස්ත්‍රික්කය – 37% ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 45% කුරුණෑගල දිස්ත්‍රික්කය – 28% අනුරාධපුර දිස්ත්‍රික්කය – 40%
ඡන්ද මධ්‍යස්ථාන ස්ථානාධිපතිනිය හෘ දයාබාදධයකින් මි ය යයි
කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාවා කරන පයාගල ,ඉඳුරුවගොඩ , කෝපිවත්ත පදිංචිව සිටි ලියනගේ චාමිකා රුවනි ලියනගේ 48 මෙනවියයි මියගිය එම නිලධාරිනිය ඊයේ (13) රාත්‍රී […]
